lan englan tam

“මලකි දුවේ නුඹ” ගැන සටහනක් - ලක්මාල් ධර්මරත්න

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"ප්‍රේමයනම්”, “රූකඩ පැංචි" වැනි සිනමා නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ දෙසොහොයුරන් විසින් අධ්‍යක්ෂණය කළ “මලකි දුවේ නුඹ” චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශලා වලදි තිරගත වෙනවා.

මාලනී ෆොන්සේකා, සමනලී ෆොන්සේකා, කුශේන්‍යා ෆොන්සේකා, ශ්‍යාම් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන.. ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය අප අතරින් නික්ම ගිය හෙළ සිනමාවේ නිළි රැජින මාලිනී ෆොන්සේකා අවසන් වරට රංගනයෙන් දායක වූ චිත්‍රපටයයි.

මතු දැක්වෙන්නේ “මලකි දුවේ නුඹ” චිත්‍රපටය පිළිබඳව චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න විසින් තබා තිබූ අපූරු සටහනක්

(උපුටා ගැනීම)

"2026 පටන්ගත්ත ෆිල්ම් එක තමයි ආරියවංශ සහෝදරයන්ගේ 'මලකි දුවේ නුබ' චිත්‍රපටිය. ආරියවංශ සහෝදරයන් තරම්ම මොකක්දෝ කරුණාවන්ත ගතියක් තියන ෆිල්ම් එකක්. මහ විශාල ගැඹුරු සිනමා කියවීමක් වෙනුවට සරල හැඟීමක් කැමරාවකින් ෂූට් කරපු චිත්‍රපටියක්. මම අවිවාහක, දුවෙක්ගේ තාත්තා කෙනෙක් නොවන පිරිමියෙක් උණානනම් මේ ෆිල්ම් එක ගැන මම මෙහෙම මොකක්වත් ලියයිද කියලවත් මට ෂුවර් නෑ....

 

598618972 2911560822381021 6231081962925361575 n

 

නමුත් මම ඊයේ මේක බලන්න ගියේ චමරි, අපේ අම්මා සහ මගේ දුව එක්ක. මගේ දුව ඉන්නේ Teen එක ලබමින්. එයා​​ගෙ වෙනස්වීම්, වෙනස් ප්‍රතිචාර මම කියවමින් ඉන්න කාලයක් මේක. ඉතිං අපේ ගෙද​ර ඒ ජෙනරේෂන් තුනම තමයි ෆිල්ම් එකේ මාලනී, සමනලී සහ කුෂේන්‍යා නිරූපණය කරන්නෙත්. තිරයත් තිරයෙන් මෙපිටත් එකම තැනක තියාගෙන මේ ෆිල්ම් එක බලන්න ලැබුණ එක මරු අත්දැකීමක්. එක තැනකදී මගේ දුව මටත් චමරිටත් කණට කරලා කිව්වා 'මම ලොකුවෙනකොට එයා වගේ වෙන්නෑ... ප්‍රොමිස්' කියලා..

අන්න එතකොට තමයි මට දැනුනේ සිනමාව කියන එක හැමවෙලේම මාරයි කියලා. මහා සිනමා ආඛ්‍යාණ, විශාල ව්‍යාපෘති ව​ගේ සිනමා ගැන අපි කතාකරනකොට මගේ දුව තිරය දිහා බලාගෙන ඉඳලා බොහොම දුක ස්වරයෙන් එහෙම කියන්න තරම් මේ චූටි ලස්ස​න චිත්‍රපටි​ය එයාව පොළඹවපු එක මාරයි. එතන ඉඳලා මම ෆිල්ම් එක බැලුවේ එයාගේ ඇහෙන්... චිත්‍රපටියක් කියන එක කොයි ප්‍රේක්ෂකයා කොයි විදියට අල්ලගන්නවද කියන එක කිසිම මීටරයකින් මනින්න බැරි දෙයක්.

 

 

ශ්‍යාම් එක්ක මේ මාලනී ෆොන්සේකා, සමනලී සහ කුෂේන්‍යා තුන්දෙනා ඉතාම සරල නමුත් හරිම ලස්සනට මේ කැරැක්ටර්ස් ටික අල්ලගෙන ඉන්නවා. විශේෂයෙන්ම ශ්‍යාම් සහෝදරයා ඒ දුවගේ චරිතය එක්ක කරන ගනුදෙනුවෙදි එයාගේ ප්‍රතිචාර වල ප්‍රමාණය සහ ඒක කළමනාකරණය කරගන්න විදිය ඉතාම මැචුවර් තැනක තිබ්බේ. සමනලීත් හරිම ගානක තමන්ගේ කැරැක්ටර් එක තියාගෙන හිටියා.

කිසිම කලබලයක් නැතුව පොඩි දොලපාරක් වගේ ගලාගෙන යන පැය දෙකක්...."

(උපුටා ගැනීම අවසන්)

 

 

83332787 645047429368481 149939292578250752 n

සටහන - ලක්මාල් ධර්මරත්න (Lakmal Darmarathna)

(චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක)

මෙම සටහන 'Laka Darmarathna' ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

shungara

Back to top
Go to bottom