lan englan tam

පුවත්

චමින්ද ඉලුක්වෙලගේ නවතම චිත්‍රපටය ‘රිදී දෝලිය’ මුහුරත් උළෙල දා! (photos)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමින්ද ඉලුක්වෙලගේ නවතම සිනමා නිර්මානය ‘රිදී දෝලිය’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹ දී පැවැත්වුණා.

ජීවිතය හා ආදරය අතර ගැටෙන කාන්තාවකගේ කතාව (A woman who was torn between life and love) යන තේමාවෙන් දිවෙන මෙම චිත්‍රපටයට,

නීටා ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු, උමා අසේනි, තුශේනි ප්‍රනාන්දු, වොල්ගා කල්පනි, සූර්යා දයාරුවන්.. ඇතුළු ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපටය චමින්ද ඉලුක්වෙලගේ දෙවන සිනමා නිර්මාණය වන අතර මීට පෙර ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ‘මාගම් සෝලි’ සිනමාපටය ද නුදුරේදීම තිරගත වීමට නියමිතව තිබෙනවා.

‘රිදී දෝලිය’  චිත්‍රපටය ‘Iluk Entertainments’ ඉදිරිපත් කිරීමක්.

චිත්‍රපටයේ කථාව සහ තිර රචනය ද චමින්ද ඉලුක්වෙල විසින් වන අතර,

සංස්කරණයෙන්- අජිත් රාමනායක, කැමරා අධ්‍යක්ෂණයෙන්- ශාලි සඳරුවන්, නිෂ්පාදන සැලසුම්කරණයෙන්- සංජීව කරුණාරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් - තුසිත් සිම්සන්, කේෂා අලංකරණයෙන් තුෂාර විදානගමගේ, සහය අධ්‍යක්ෂණයෙන් නිලන්ත රණසිංහ, අංග රචනයෙන්  බූවනක රණවක, නිශ්චල ජායාරූපකරණයෙන් ධම්මික පතිරත්න එක්වෙනවා.

 

පහතින් දැක්වෙන්නේ පසුගියදා පැවැති ‘රිදී දෝලිය’ චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්>>

(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැකියි)

View the embedded image gallery online at:
https://www.mirrorarts.lk/news/12097-photos-4#sigProId7693954e4c

kemadasa

shungara

Back to top
Go to bottom