අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(25 බ්‍රහස්පතින්දා) දින සිදුකිරීමට නියමිත බව දැනුම් දී තිබෙනවා.
මේ වන විට එතුමන්ගේ දේහය කැළනිය, නුංගමුගොඩ පාරේ, අංක 545/1 දරණ එතුමා විසූ නිවසේ තැම්පත් කර තිබෙන අතර, හෙට(25) සවස 1.00 දක්වා අවසන් ගෞරව දැක්වීමට දේහය නිවසේ තැම්පත් කර තිබෙනවා.
හෙට(25 බ්‍රහස්පතින්දා) සවස 1.00 ට නිවසින් පිටත් වී සවස 3.00 ට බොරැල්ල සුසාන භුමියේදී පැවැත්වෙන අවමංගල උත්සවයෙන් පසු සවස 5.00 ට අවසන් කටයුතු සිදු කෙරෙනු ඇත.
කලක් රෝගාතූරව සිටි ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වූයේ (22) වනදා රාත්‍රියේදීයි.
මිය යන විට ඔහු 84 වන වියේ පසු විය.
දශක හයකට අධික කලා දිවියේ සම්මානනීය රංගවේදියෙකු ලෙස මෙන්ම වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු, ගත් කරුවරයෙකු, තිරපිටපත් රචකයෙකු.. ආදී කලා ක්ෂේත්‍රයේ අංශ රාශියකින් සිය දායකත්වය ලබා දුන් සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූ කෘතහස්ථ කලාවේදියෙකි.









