රූපවාහිනී ක්ෂේත්‍රයේ නිරත වී සිටින නිර්මාණකරුවන් ඇගයෙන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ, පසුගිය සිවු වසරේ (2021, 2022,2023, 2024) ප්‍රධානය නොකෙරුණු රූපවාහිනී රාජ්‍ය සම්මාන ප්‍රදානය කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ඊයේ (22) පස්වරුවේ සිදු කෙරිණි.
ඒ අනුව 2021, 2024 වසරවලට අදාළව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ අයදුම් කළ ටෙලිනාට්‍ය සහ වැඩසටහන් ද 2022, 2023 වසරවල විකාශය වූ රූපවාහිනී වැඩසටහන් අතරින් අයදුම් කළ නිර්මාණ ද විනිශ්චයට භාජනය වී තිබිණි.
එයින් ජූරිය විසින් තෝරාගත් නිර්මාණ වලට අදාළව ඇගයීම් සහතික, කුසලතා සහතික සහ සම්මාන 74 ක් ප්‍රදානය කිරීම සිදුවිය.
2021 වසරේ විකාශය වූ ස්වාධීන රුපවාහිනියේ විකාශය වූ 'තණමල්විල කොල්ලෙක්' ටෙලි නාට්‍ය සඳහා හොඳම අංග රචනය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය, හොඳම නළුවා, හොඳම තිර රචනය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය සඳහා වූ සම්මාන හිමි විය.
2024 වසරේ විකාශය වූ 'එයා දැන් බැඳලා' ටෙලි නාට්‍ය සඳහා හොඳම අංග රචනය, හොඳම සංස්කරණය, හොඳම සහය නළුවා, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම තිර රචනය සහ හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය සඳහා වූ සම්මාන දිනා ගැනීමට සමත් විය.
හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා වූ සම සම්මාන ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ 'එයා දැන් බැඳලා' සහ 'ජීවිතයේ එක් දවසක්' ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න ජයකොඩි සහ ලලිත් රත්නායක ට හිමි විය.
2021 - 2024 වසරවල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විකාශය වූ හොඳම ගවේශනාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය, හොඳම සජීවීකරණ නිෂ්පාදනය, හොඳම සංගීත වැඩසටහන සහ හොඳම වාර්තා වැඩසටහන ආදියට ද සම්මාන සහ කුසලතා සහතික පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස් දිල්හානි, අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ප්‍රේමරත්න තෙන්නකෝන්ශ්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, රාජ්‍ය රුපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා යන අයද ද අනුමණ්ඩල සාමාජික සාමාජිකාවන්, කලා කරුවන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල බුද්ධසාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය රූපවාහිනී අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනවා.
මතු දැක්වෙන්නේ ඊයේ (22) පැවති රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්!
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැකියි.)
https://www.mirrorarts.lk/news/12100-2021-2024#sigProId8d0d28deae











