අභාවප්රාප්ත 'හෙළයේ ගීත කෝකිලාවිය’, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ‘පූර්ණ රාජ්ය අනුග්රහය’ සහිතව සිදු කිරීමට රජය තීරණය කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.
ඒ අනුව, ලතා වල්පොල මහත්මියගේ දේහය (28) වනදා පස්වරු 4:00 සිට (30) දින දක්වා බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් අවමංගල ශාලාවේ තැන්පත් කෙරෙනවා.
එහිදී, (28) දිනයේ රාත්රී 11.00 දක්වාත්, දෙසැම්බර් 29 සහ 30 යන දෙදින පෙ.ව. 9.00 සිට ප.ව. 10.00 දක්වාත් මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා.
අනතුරුව, ඇගේ දේහය දෙසැම්බර් 31 වන බදාදා, පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා, කොළඹ නිදහස් චතුරශ්ර පරිශ්රයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙන අතර,
එදින ප.ව 2.00 ට ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමියට රැගෙන ගොස් එහිදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.










