lan englan tam

පුවත්

තලපති විජේගේ සිනමා සමුගැනීමේ උළෙල: 'ජන නායගන්' ගීත එළිදැක්වීම හැඟීම්බර අයුරින් නිමවෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේගේ "ජන නායගන්" (Jana Nayagan) චිත්‍රපටයේ  ගීත එළිදැක්වීමේ උළෙල(Audio Launch) ඊයේ (27) මැලේසියාවේ Bukit Jalil ජාතික ක්‍රීඩාංගනයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණා.

මෙහි විශේෂත්වය වූයේ තලපති විජේ පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසීමට පෙර ඔහු රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටය මෙයවීම නිසා වන අතර, ‘තලපති තිරුවිලා’ (Thalapathy Thiruvizha) ලෙස නම් කර තිබූ මෙම උළෙල මගින් විජේගේ දශක තුනක සිනමා ගමන සමරණු ලැබිණි.

විජේගේ ජනප්‍රිය පැරණි ගීත මෙන්ම "ජන නායගන්" චිත්‍රපටයේ අලුතින් නිකුත් වූ ගීත ඇතුළත් වූ මෙම ප්‍රසංගයේදී, ප්‍රකට සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් (Anirudh Ravichander)  සජීවී වාද්‍ය වෘන්දය මෙහෙයවන ලදී.

මෙය සාමාන්‍ය ගිත එළිදැක්වීමේ ප්‍රසංගයකට එහා ගිය දැවැන්ත උළෙලක් බවට පත් වූ අතර, 80.000 ක පමණ ප්‍රේක්ෂක පිරිසක් මීට සහභාගී වූ අතර, ඉන්දියාවෙන් පිටත්දී පැවැත්වුණු දැවැන්ත ඉන්දීය  කලා ප්‍රසංගයක් ලෙස මෙය ඉතිහාසයට එක්විය.

මෙම අවස්ථාවට "ජන නායගන්"චිත්‍රපටයේ නළු නිළියන්ට අමතරව, දකුණු ඉන්දීය සිනමාවේ දැවැන්ත අධ්‍යක්ෂවරුන් වන ලෝකේෂ් කනගරාජ්, නෙල්සන් දිලිප්කුමාර් සහ ඇට්ලි ද සහභාගී විය.

උස්සවයේදී සිය රසිකයන් අමතමින් තලපති විජේ විසින් හැගුම් බර කතාවක් පැවැත් වූ අතර තමන්ට ආදරය කළ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඔහු ස්තූතිය පළ කළ කළේය.

"ඔබ මාව නළුවෙක් කළා, දැන් මම ඔබ වෙනුවෙන් සේවය කරන්න සූදානම්," යනුවෙන් විජේ කළ ප්‍රකාශය මුළු ක්‍රීඩාංගණයම උණුසුම් කිරීමට සමත් විය. 

චිත්‍රපටයේ ගීත කිහිපයක් සජීවීව ඉදිරිපත් කළ අතර, විජේගේ සුවිශේෂී නර්තන විලාසයන්ගෙන් වේදිකාව වර්ණවත් විය.

 

 

එළඹෙන 2026 ජනවාරි 09 වනදා සිට "ජන නායගන්" (Jana Nayagana) චිත්‍රපටය ලොව පුරා තිරගත වීම්ට නියමිත අතර,

එච්. විනෝද් (H Vinoth) විසින් අධ්‍යක්ෂණය කර, KVN Productions විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තලපති විජේ සමඟ පූජා හෙග්ඩේ, බොබී ඩියෝල්, මමිතා බයිජු, ගෞතම් වාසුදේව මෙනන්, ප්‍රකාශ් රාජ්, නාරේන් සහ ප්‍රියමනී ප්‍රධාන චරිත නිරූපණය කරති.

'Jana Nayagana' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom