lan englan tam

පුවත්

ප්‍රේමය, හාස්‍යය, ත්‍රාසය මුසුවූ නවතම සිනමා නිර්මාණය "අභීත" (පෙබ.06) වනදා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවිණ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් නිමවූ,

ප්‍රේමය, හාස්‍යය, භීතිය, ත්‍රාසය මුසු වූ නවතම සිනමා නිර්මාණය ‘අභීත’ එළඹෙන පෙබරවාරි 06 වනදා සිට EAP ඇතුළු දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට නියමිතයි.

“අභීත” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකීය මෙන්ම ඉන්දියානු සිනමා කර්මාන්තයටද වසර ගණනාවක සිට සිය දායකත්වය දැක්වූ ජනප්‍රිය සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ශ්‍රැති ප්‍රභා විසින්.

මෙය ඔහුගේ සිංහල සිනමාවේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණයයි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලින් පබෝදා සංදීපනී සහ අභීත ප්‍රකාශ් රංගනයෙන් දායක වන අතර,

ඒ සමගින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියානි අමරසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි.. ඇතුළු  ප්‍රවීණ, සම්මානනීය, මෙන්ම ජනකාන්ත නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

තම මව වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් වීර වික්‍රමාන්විත පුතෙකුගේ කතාවක් අභීත චිත්‍රපටිය හරහා තිළිණ කෙරෙන අතර ජීවිතය සහ එහි විවිධ හැල හැප්පීම් පිළිබඳවත්, යාචකයාගේ සිට දානපතියා දක්වා ජීවිත වල සියුම් වෙනස් වීම් සමඟ විවිධ ආකාරයේ අනපේක්ෂිත ගලායම් වලින් මෙම චිත්‍රපටියේ කතාව සමන්විත වනවා.

ඉතින් පෙබරවාරි 06 සිට පවුලේ සැමට ළගම සිනමා ශලාවේදී “අභීත” නරඹන්නට එක් විය හැකියි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>

 

kemadasa

shungara

Back to top
Go to bottom