විදර්ශන ප්‍රකාශන ආයතනයේ සංකල්පයකට අනුව සංවිධානය කරනු ලබන ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' (Vidarshana Literary prize) සාහිත්‍යෝත්සවය මෙවර නව මුහුණුවරකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කොට තිබෙනවා.
එනම් මේ දක්වා අත්පිටපත් පමණක් අගයා පිරිනැමුණු විදර්ශන ත්‍යාගය මේ වසරේ (2026) දී මුද්‍රිත කෘති සඳහා ද පිරිනැමීමට තීරණය කොට තිබෙනවා.
ඒ අනුව 2025 වසරේ ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ, පිළිගත් ප්‍රකාශන ආයතන හා කර්තෘ ප්‍රකාශන ලෙස මුද්‍රණයෙන් නිකුත් වූ නවකතා, කෙටිකතා, කාව්‍ය, සිංහල බසට කෙරුණු පරිවර්තන, ඉංග්‍රීසි බසට කෙරුණු පරිවර්තන, දෙමළ බසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රකාශිත නවකතා, කෙටිකතා හා කාව්‍ය කෘතිද 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සඳහා ඉදිරිපත් කළ හැකිය.
මුද්‍රිත පොත් ජනවාරි 31 වනදා දක්වාත් අත්පිටපත් මාරිතු 31 දක්වාත් භාර ගැනීම සිදු වේ.
තරගය සහ ත්‍යාග පිලිබඳ විස්තර පහළින්>>
සියලු ජයග්‍රාහකයන් උදෙසා විදර්ශන ජය මූර්තිකාව සමග රු. 150,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වේ.
කෙටි ලැයිස්තුගත වන්නන්ට රු. 50,000/- බැගින් මුදල් ත්‍යාග හිමි වේ.
මුද්‍රිත කෘති සහ අත්පිටපත් එක්ව සලකා බැලේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' සිට, ලාංකේය සාහිත්‍යකරුවෙකුට දිවියේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂ 'විදර්ශන ස්වර්ණ ජය මූර්තිකාව' සමග රු. 250,000/- ක් වටිනා මුදල් ත්‍යාගයක් හිමි වේ.
'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2026' ජය මූර්ති ප්‍රධාන උළෙල, අගෝස්තු 28 දින සවස 6 ට කොළඹදී උත්සවාකාරයෙන් පැවැත් වේ.











