lan englan tam

පුවත්

11 වන ‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ’ අවසන් දිනය අදයි (04)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දින පහක් පුරාවට ස්වාධීන සිනමා කරුවන්ගේ දෙස් විදෙස් චිත්‍රපට රැසක් ප්‍රදර්ශනය කරමින්, අන්තර්ජාතික  සිනමා වැඩමුළු, සිනමා සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් සමග උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු 11 වන යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ  අවසන් දිනය අද (04) දිනට යෙදී තිබෙනවා.

ඒ අනුව අද (04)  දින උළෙලේ වැඩසහන ඇරඹෙන්නේ කලම් - සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී  පෙ.ව. 10.00ට ප්‍රේමේන්ද්‍ර මසුම්දර්, විසාකේස චන්ද්‍රසේකරම් සහ විමුක්ති ජයසුන්දර විසින් මෙහෙයවනු ලබන “දකුණු ආසියාවේ ස්වාධීන චිත්‍රපටකරණයේ අභියෝග” පිළිබඳ සාකච්ඡාවකිනි.

අනතුරුව පස්වරු 1.00කලම් සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී  ‘In Search of Ajantrik | 2023 | ඉන්දියා | වාර්තා චිත්‍රපටය |මිනිත්තු 46 ) මේඝ්නාත් (Meghnath)ගේ වාර්තා චිත්‍රපටය තිරගත වීමට නියමිතයි.

 

Palkot2nd trip26.mov.00 14 25 16.Still002

 

මෙය බෙංගාලි අධ්‍යක්ෂක අජන්ත්‍රික්ගේ 1958 සම්භාව්‍ය චිත්‍රපටයේ අජන්ත්‍රික් (Ajantrik / The Unmechanical) රූගත කළ ස්ථාන නැවත සොයා යාමක් වන අතර, එහි ආදිවාසී (ඔරාඕන්) සංස්කෘතිය, සහ කාර්මික විප්ලවය ගැන ගැඹුරු විග්‍රහයක් ඉදිරිපත් කරයි. චිත්‍රපටය මගින් මේඝ්නාත් අධ්‍යක්ෂකවරයාගේම ගමන වාර්තා කරයි. රිත්වික් ඝටක් තෝරාගත් ජාර්කන්ඩ්හි භූමියේ ආදිවාසීන්ගේ අයිතිවාසිකම්, විනාශකාරී සංවර්ධනය සහ සමකාලීන සමාජ-දේශපාලනික තත්ත්වය ගැන සංවාදයක් එමගින් ගොඩනැගේ.

මෙය 2024 දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම වාර්තා චිත්‍රපටයට (Satyajit Ray Golden Award) සම්මානය ද දිනා ගත්තේය.

 

පස්වරු 3.30කලම් - සංස්කෘතික හමුවීම් සඳහා අවකාශයේදී තිරගත වන්නේ ‘රිකාඩ් ඩාන්ස්’ (Ricard Dance | 55 මිනිත්තු | 2025 | ඉන්දියා) වාර්තා චිත්‍රපටයයි.

 

photo collage.png 2. imresizer 1

 

එය කේරළයේ ‘ෂිහාබ් ඔංගල්ලූර්’ (Shihab Ongallur)ගේ අධ්‍යක්ෂණයකි. දකුණු ඉන්දියාවේ පැරණි රිකාඩ් නැටුම්වල (Ricard Dance – දකුණු ඉන්දියානු ජනප්‍රිය ජන නැටුම් සම්ප්‍රදායක්) වර්තමාන තත්ත්වය වටා ගෙතුණු මෙම කෘතියෙන්. එකල ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ මෙම කලාව නූතනයේ අතුරුදහන් වීමේ අද්දර සිටින බව ගැඹුරින් එළිදරව් කරයි.

චිත්‍රපටය මගින් දකුණු ආසියානු සංස්කෘතික උරුමයන්, රිකාඩ් නැටුම්වල ඉතිහාසය, අතුරුදහන් වෙමින් පවතින ජන කලාවන් සහ කලාකරුවන්ගේ අරගල ගැන සංවේදීව සාකච්ඡා කරයි. එය, දකුණු ඉන්දියානු ජන නැටුම්වල මධුර රිද්මය සහ ඒවායේ අනාගතය ගැන ගැඹුරින් සිතන්නට පොළඹවන්නකි.

 

උලෙළෙහි සමාප්තිය, පස්වරු 6.15යාපනයේ කාර්ගිල්ස් චතුරස්‍රයේ රීගල් සිනමාශාලාවේ දී සිදු කෙරේ.

ජ්‍යෙෂ්ඨයන්ට ගෞරව කිරීමත්, තරුණ චිත්‍රපට නිර්මාණකරුවන් දිරිගැන්වීමත් සඳහා උළෙලේදී සම්මාන 6ක් පිරිනැමෙනු ඇත. ඒවා වන්නේ Lifetime Achievement Award, Best Debut Film, Best Documentary in New Asian Currents, Best International Short Film, Ceylon Theatres Award for the Best National Short Film සහ Audience Choice Award ය.

මෙවර Jaffna ICF උලෙළේ Lifetime Achievement Award පිරිනැමෙන්නේ ප්‍රේමේන්ද්‍ර මසුම්දර්ටයි, ඔහු සිනමාව පිළිබඳ බහුකාර්ය හැකියාවන්ගෙන් කටයුතු කරන්නෙකි.  1976 සිට චිත්‍රපට සමාජ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙකි. ජාත්‍යන්තර චිත්‍රපට සංගම් සම්මේලනයේ ආසියානු ලේකම් (2010-12), ඉන්දියානු චිත්‍රපට සංගම් සම්මේලනයේ උප සභාපති (2010-14) සහ ඉන්දියානු චිත්‍රපට සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් (2014-16) යන තනතුරු දැරූ ඔහු, මේ වන විට ඉන්දියානු චිත්‍රපට විචාරක කවයේ සභාපති සහ ඉන්දියානු චිත්‍රපට විචාරක සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙසද කටයුතු කරයි. ඔහු දේශීය හා විදේශීය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ කිහිපයක උපදේශකවරයෙකි.

 

සම්මාන උළෙලෙන් අනතුරුව අවසාන චිත්‍රපටය ලෙස ශ්‍රී ලාංකික චිත්‍රපට නිර්මාණකරු අශෝක හඳගමගේ ‘සඳ දඩයම’ (Moon Hunt) තිරගත වේ. අද දින තිරගත වන්නේ එහි ලෝක මංගල දර්ශනය යි.

 

607617034 25349348134748862 1848443124432457091 n

kemadasa

shungara

Back to top
Go to bottom