lan englan tam

පුවත්

ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගම අභාවප්‍රාප්ත වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ ගේය පද රචක, පුවත්පත් කලාවේදී  චන්ද්‍රසේන තලංගම මහතා ඊයේ (04) රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසු විය.

1944 වසරේ තලංගමදී උපන් ඔහු, පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ, 1980 වසරේදීය.

එකල තලංගම චන්ද්‍රෙස්න නමින් ලිපි ලියූ ඔහු, පසුව චන්ද්‍රෙස්න තලංගම ලෙස, කලා ලෝකය තුළ ජනාදරයට පත්වුණි.

කලක පටන් ඔහු ලියූ ගී පද රචනා ලාංකීය රසිකයන් අතරට පැමුණෙන්නේ පසුකාලීනවයි.

විශේෂයෙන්ම නූතන සංගීතයේ ජනප්‍රිය ගායකයෙකු හා සංගීත වේදියෙක් වන චරිත අතලගේ එම පද මාලා රසපූර්ණ ගීත බවට පත් කිරීමට මුල් වන්නේ තලංගමයන්ගේ අපූර්ව ගී පද රචනා ලාංකීය රසිකයාට විදින්නට අවස්ථාව උදා කර දෙමිනි.

2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, ‘සංසාරයේ මා’ නැමැති ගීතයයි.

එතැන් පටන් ඔහු අතින් ලියැවුණු අපූර්ව, අර්ථ පූර්ණ පද රචනා මෙරට රසිකයන් අතර බොහෝ ජනාදරයට පත් විය.

වර්තමානයේ සිංහල සංගීතයේ බොහෝ රසික අවධානයට ලක්වූ ‘කුවේණියේ මා, නාඩගම් ගීය, රාධාවනී, තේලකඨාහ ගාථා, සොයා ආවා, සැලලිහිණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, කම්පා නොවන් මහාමයා, සක්දෙවි වැනුම’.. වැනි  පර්‍යේෂනාත්මක ගිත රැසක පද රචකයා වූයේ ඔහුයි.

ලාංකීය තරුණ ප්‍රජාව කරා නැවතත් සිංහල ගීතය සමීප කරලීමට චන්ද්‍රසේන තලංගමයන් ඉමහත් දායකත්වයක් ලබා දුන් ගේය පද රචකයෙකි.

kemadasa

shungara

Back to top
Go to bottom