lan englan tam

පුවත්

ජේම්ස් කැමරන්ගේ"Avatar: Fire and Ash" චිත්‍රපටයේ ආදායම දින 18 න් ඩොලර් බිලියනය ඉක්මවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුප්‍රකට හොලිවුඩ් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ ඇවටාර් චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය වන "Avatar: Fire and Ash"චිත්‍රපටය ඊයේ( 04) දිනය වන විට  (තිරගත වී දින 18ක් ඇතුළත) ලොව පුරා ලැබූ ආදායම ඩොලර් බිලියනය පසු කර යාමට සමත් ව තිබෙනවා.

ඒ ඇමරිකානු දේශීය වෙළඳපොළෙන් ඩොලර් මිලියන 306ක් සහ ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඩොලර් මිලියන 777.1ක් ඇතුළත් වන පරිදි  මුළු ආදායම ඩොලර් බිලියන 1.083 වශයෙනි.

එමෙන්ම ඉදිරි සතිවලදී "Avatar: Fire and Ash" චිත්‍රපටයේ ආදායම ඩොලර් බිලියන 2 දක්වා ලගා වනු ඇති බවටත් විචාරක අදහස් පළ වන අතර, කෙසේ වෙතත් එය චිත්‍රපටයට ලැබෙන ජාත්‍යන්තර ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තීරණය වනු ඇති.

ඒ අනුව Disney සමාගම විසින් 2025 වර්ෂයේ නිකුත් කළ චිත්‍රපට අතරින් ඩොලර් බිලියනය ඉක්මවා යාමට සමත් වූ තෙවන චිත්‍රපටය මෙය වන අතර මීට පෙර ඩිස්නි සමාගමේම "Lilo & Stitch" සහ "Zootopia 2" යන චිත්‍රපට ඩොලර් බිලියනයේ සීමාව ඉක්මවා යාමට සමත් උනා.

එමෙන්ම මෙය ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතරින් ඩොලර් බිලියනය ඉක්මවා ගිය හතරවන චිත්‍රපටය වන අතර, ඔහුගේ අවටාර් චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපට දෙක "Avatar"(2029), "Avatar: The Way of Water" (2022) මෙන්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කළ ("Titanic") චිත්‍රපටයද ඩොලර් බිලියනය ඉක්මවා යාමට සමත් වූවා.

"Avatar: Fire and Ash" යනු ඇවටාර් චිත්‍රපට මාලාවේ තුන් වන චිත්‍රපටය වන අතර මීට පෙර නිකුත් වූ "Avatar"(2029) පළමු චිත්‍රපටය ලොව පුරා ලැබූ අදායම ඩොලර් බිලියන 2.9ක් වූ අතර, "Avatar: The Way of Water"(2022) දෙවන චිත්‍රපටයේ ආදායම ඩොලර් බිලියන 2.3 ලෙස සටහන් විය.

kemadasa

shungara

Back to top
Go to bottom