lan englan tam

පුවත්

විමර්ශන යළි අරඹමින් “ධර්මයුද්ධය - 2” ජනවාරි 23 දා සිට රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ‘ධර්මයුද්ධය’ පළමු චිත්‍රපටයේ දෙවන දිගහැරුම වන ‘ධර්මයුද්ධය 2” චිත්‍රපටය එළඹෙන ජනවාරි 23 වනදා සිට දිවයින පුරා සිනමා ශලා වලදී තිර ගත වීම් ආරම්භ වෙනවා.

‘ධර්මයුද්ධය 2” අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධන විසින් වන අතර, චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා ද, කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රියත් කටයුතු කරනවා.

මීට පෙර ධර්මයුද්ධය පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතය මෙම දෙවන චිත්‍රපටයේ නිරූපණය කරන්නේ බිමල් ජයකොඩි විසිනුයි.

ඒ සමගින් සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි , දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ , ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර , අශාන් ඩයස් , දිනක්ෂි ප්‍රියසාද් , කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ???????? ????? ??????? ආයතනයයි.

“ධර්මයුද්ධය 2” චිත්‍රපටය 'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණය වන අතර, "Drishyam" (2013) චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණය වූ ‘ධර්මයුද්ධය’ පළමු චිත්‍රපටය ද මෙරට බොක්ස් ඔෆිස් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක් බවට පත් උනා.

ඉතින්, එළඹෙන ජනවාරි 23 දා සිට පවුලේ සැමට ළඟම සිනමා හලේදී “ධර්මයුද්ධය 2” නරඹන්නට එක් විය හැකියි.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

kemadasa

shungara

Back to top
Go to bottom