මෙරට music video නිර්මාණ කලාවේ සහ දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ පළපුරුදු නිර්මාණකරුවෙකු වන සජිත් අක්මීමනගේ කුළුදුල් සිනමා නිර්මාණය “සීනි” චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණා.
චිත්‍රපටයේ නම මෙන්ම වෙනස්ම තේමාවක චිත්‍රපටයක් වන මෙයට,
දිනක්ෂි ප්‍රියසාද්, සරත් කොතලාවල, සේමිණී ඉද්දමල්ගොඩ, ජෙනට් ඇන්තනී, කෞශල්‍යා ප්‍රනාන්දු, පුබුදු ගමගේ, ප්‍රවීණා දිසානායක... ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වන්නට නියමිතයි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ CameraLK වෙනුවෙන් අනුෂ්ක ගුණසිංහයි.
එමෙන්ම මෙය CameraLK විසින් නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය වන අතර, නවතම Sony සිනමා කැමරා සහ Imagine තාක්ෂණය භාවිතා කරමින් මෙම නිර්මාණ කර්තව්‍යය සිදු කෙරෙනු ඇති.
චිත්‍රපටයේ රූගත ඉදිරියේදී ආරම්භ කිරිමට නියමිතයි.
අති සාර්ථක නිර්මාණයක් වෙනුවෙන් සජිත් අක්මීමන ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායට ‘Mirror Arts’ අපගේ උණුසුම් සුබ පැතුම්.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති “සීනි” චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාලකොට නැරඹිය හැක.)
https://www.mirrorarts.lk/news/12163-2026-01-06-06-03-13#sigProId5564080faf









