lan englan tam

පුවත්

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "රිටිගල ජයසේන නොහොත් සැඟවුන නගරය"ළඟදීම! (Trailer)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'අකාල සන්ධ්‍යා', 'දඬුබස්නාමානය', 'අග්නිදාහය', 'සමනල සංධ්වනිය'.. ඇතුළු නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට තිළිණ කළ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය "රිටිගල ජයසේන නොහොත් සැඟවුන නගරය" ළඟදීම තිරගත වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචරක පටයද (trailer) නිකුත් කරනු ලැබූවා.

මෙම චිත්‍රපටයේ කතාවට පුරාවෘත්ත ගත චරිතයක් වන රිටිගල ජයසේන හෙවත් මහසෝනාගේ චරිතය පාදක වී ඇති අතර,

එය වර්තමානයට සම්බන්ධ වන ආකාරය පිළිබඳව අති නූතන චිත්‍රපටයක් වන බවයි මේ පිළිබඳව අදහස් දක්වමින් ජයන්ත චන්ද්‍රසිරි සදහන් කොට තිබුණේ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ විසින් වන අතර ඔහු විසින් රිටිගල ජයහේන හෙවත් මහසෝනා නම් පුරාවෘතගත චරිතය නිරූපණය කරනවා.

ඒ සමගින් තුමිඳු දොඩන්තැන්න, පබෝදා සංදීපනී, උමා අසේනි, කාන්චනා මෙන්ඩිස්.. ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

එමෙන්ම යුරෝපීය නළු නිළියන් රැසක් ද චිත්‍රපටය සදහා රංගනයෙන් දායක වී තිබීම විශේෂත්වයක්.

චිත්‍රපටයේ කෑමරා අධ්‍යක්ෂණය සිදු කොට ඇත්තේ චන්දන ජයසිංහ සහ මධුනි අලහකෝන් විසිනුයි.

චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නිමල් දියුනුගල විසින්.

ඉතින්, නුදුරේදීම "රිටිගල ජයසේන නොහොත් සැඟවුන නගරය" සිනමා නිර්මාණය නරඹන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනු ඇත.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>>

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom