අචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සයවස් පූර්ණ ගුණානුස්මරණය වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන දෙදින නාට්‍ය වැඩමුළුවක්,
2026 ජනවාරි 12, 13 යන දින දෙකේ,
උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා,
කොළඹ 07, “BMICH කමත” පරිශ්‍රයේදී පැවත්වීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කොට තිබෙනවා.
මෙම නාට්‍ය වැඩමුළුව මෙහෙයවනු ලැබන්නේ නවරත්න ගමගේ ඇතුළු ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසිනි.
අවශ්‍ය සුදුසුකම් හා කොන්දේසි පහත පරිදි වේ
- සුදුසුකම් සහිතව ලියාපදිංචි වන පළමු හැටදෙනා වෙනුවෙන් පමණි.
- අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සදහා නාට්‍ය හා රංග කලා විෂය හදාරා තිබිය යුතුය.
- වයස අවුරුදු 18 -25 අතර විය යුතුය.
- පවුලේ මාසික ආදායම රුපියල් ලක්ෂයට නොවැඩි විය යුතුය.
සුදුසුකම් සහිත අයදුම්කරුවන් ලියාපදිංචි විම සඳහා ඔබගේ ජිව දත්ත පත්‍රිකාවන් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. වෙත ඉල්ලුම් කරන්න....
සංවිධානය - මනෝරත්න භාරය










