lan englan tam

පුවත්

ජාතික සිනමා කවුන්සිලය හදන්න අදහස් හා යෝජනා කැදවයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරිම සදහා නව පනතක් සකස් කිරීමට අදාලව ක්ෂේත්‍රයේ නිරත පාර්ශවකරුවන්ගෙන් (Stake Holders) අදහස් හා යෝජනා කැඳවීමට  ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කොට තිබෙනවා.

ඒ අනුව චිත්‍රපට සංස්ථාව නිකුත් කර ඇති නිවේදනයට අනුව ​ඔබේ අදහස් හා යෝජනා 2026 ජනවාරි 31 දිනට පෙර යොමු කළ යුතුයි.

යොමු කළ හැකි ක්‍රම :-


​1.තැපෑලෙන්:-
සභාපති, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, අංක 303, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.
(ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ "ශ්‍රී ලංකා සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීමට අදාළව අදහස් හා යෝජනා කැඳවීම" ලෙස සඳහන් කළ යුතුය).

​2.Online හරහා:- පහත Google Form එක මගින් යොමු කළ හැක.
https://forms.gle/ZfRzvzj1KciuAuZA9 

 

මේ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහළින්>>

1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කරමින් සිනමා නියාමනය සහ සිනමා සංස්කෘතියක් ප්‍රවර්ධනය යන කාර්යභාරයන් දෙකම සිදු කිරීම උදෙසා ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීමට හැකිවන පරිදි විධිවිධාන ඇතුළත්ව නව පනතක් හඳුන්වා දීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.

ඒ අනුව 1980 අංක 45 දරන පනතින් සංශෝධිත 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත ඉවත් කිරීම හා ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීමට අදාළව නව පනතක් සකස් කිරීමට සිනමා ක්ෂේත්‍රයේ නියුතු පාර්ශවකරුවන් (Stake Holders) වෙතින් අදහස් හා යෝජනා ලබා ගැනීමට සංස්ථාව තීරණය කර ඇත. එහිදී දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථා පනත මගින් ආවරණය නොවන ක්ෂේත්‍ර සම්බන්ධව උපායමාර්ගික දිශානතියක් ඇති කිරීමට අපේක්ෂිතය.

නියාමන ක්ෂේත්‍ර

මෙහිදී, චිත්‍රපට ලියාපදිංචිය / චිත්‍රපට නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණය මාර්ගෝපදේශ නිකුත් කිරීම / චිත්‍රපට ආනයනය / චිත්‍රපට බෙදාහැරීම / චිත්‍රපට අපනයනය / සිනමා ප්‍රක්ෂේපණ ක්‍රමවේද / සිනමාශාලා වර්ගීකරණය / විනෝද බදු / VAT බදු / චිත්‍රපට සංරක්ෂණය / සිනමා සංස්කෘතිය ප්‍රවර්ධනය / සිනමා අධ්‍යාපනය / සිනමා අරමුදල / ශ්‍රී ලංකාව තුළ සිදුකරන විදේශීය රූගත කිරීම් නියාමනය / ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය හා වෙනත් කරුණු සම්බන්ධයෙන් ද නව පනත යටතේ නියාමන ක්‍රමවේදයන් ඇතුළත් කිරීමට අපේක්ෂිතය.

අදහස් හා යෝජනා යොමු කිරීම

උක්ත ශ්‍රී ලංකා ජාතික සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීමට අදාළ නව පනත කෙටුම්පත් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා සිනමා කර්මාන්තයේ සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ලබන ඔබගේ ආයතනයේ / සංසදයේ අදහස් / යෝජනා පහත ක්‍රමවේදයන් ඔස්සේ 2026 ජනවාරි 31 දිනට පෙර ජාතික චිත්‍රපට සංස්ථාව වෙත යොමු කරන්න.

  • තැපැල් මගින් යොමු කිරීම (තැපැල් මගින් යොමු කරන්නේ නම් ලිපි කවරයේ වම් කෙළවරේ ඉහළ "ශ්‍රී ලංකා සිනමා කවුන්සිලය ස්ථාපිත කිරීමට අදාළව අදහස් හා යෝජනා කැඳවීම" යනුවෙන් සඳහන් කර පහත අනුපිළිවෙලට අනුව තොරතුරු යොමු කරන්න)
    1. ආයතනය / සංසදය / පුද්ගල නාමය 02. ලිපිනය 03. විද්‍යුත් ලිපිනය 04. දුරකථන අංකය 05. සම්බන්ධිත ක්ෂේත්‍රය 06. ඔබගේ අදහස් / යෝජනා 07. යෝජනා සාධාරණීකරණය 08 දිනය සහ අත්සන
  • විද්‍යුත් සබැඳිය මගින් යොමු කිරීම 

 https://forms.gle/ZfRzvzj1KciuAuZA9

 ලිපිනය :

සභාපති, ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව, අංක 303, බෞද්ධාලෝක මාවත, කොළඹ - 07

 613139038 848605138010740 2239386647919336726 n 1

kemadasa

shungara

Back to top
Go to bottom