lan englan tam

පුවත්

මේ සතියේ “ෆාදර්” නැරඹිය හැකි සිනමා ශාලා මෙන්න!

User Rating: 5 / 5

Star ActiveStar ActiveStar ActiveStar ActiveStar Active
 

මේ වන විට සිනමා ලෝලීන්ගේ ඉමහත් අවධානයක් දිනා ගැනීමට සමත්ව ඇති චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ "Father - ෆාදර්" චිත්‍රපටය දැන් දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වෙනවා.

චිත්‍රපටය තිරගත කිරීම් ආරමිභ කරනු ලැබුවේ පසුගිය ජන. 09 දා සිටයි.

මෙරට, 1970 -1990 දක්වා කාලසීමාව තුළ සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් පදනම් කරගෙයයි මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ.

සෞම්‍ය ලියනගේ, දිල්හානි අසෝකමාලා, ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, පූජන දන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, සරත් කොතලාවල, චාන්දනී සෙනෙවිරත්න, සනත් විමලසිරි, සුරාජ් මාපා, සරත් කරුණාරත්න, අංජන ප්‍රේමරත්න සහ සේවියර් කණිෂ්ක... ඇතුළු මෙරට සිනමාවේ සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂතම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

EMIKA PRODUCTION වෙනුවෙන් ශාන්ත ගීතදේව විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ තිර රචනය චාමර කොඩිතුවක්කු ගෙනි.

සත්‍ය සිදුවීම් පදනම් කරගත් කතා තේමාවකට ප්‍රබල සිනමාමය රූප රාමු එක් කිරීමට අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය ඇතුළු කණ්ඩායම කැප වී ඇත.

 

මතු දැක්වෙන්නේ මේ සතියේ ( ජනවාරි 12 -18) චිත්‍රපටය නැරඹිය හැකි සිනමා ශාලා පිළිබඳ විස්තර සටහනකි.

 

616032572 122172160040755324 3140203327086113891 n

615955547 122172160082755324 6733496717918556304 n

615968030 122172160142755324 2076707114295161819 n 1

615983400 122172160136755324 7493103270154058196 n 1

615269060 122172160148755324 8495440210732322200 n

615459908 122172160034755324 4234417363421792870 n 1

 

 

kemadasa

shungara

Back to top
Go to bottom