නව වසරේ ආරම්භයත් සමගම තවත් අපූර්ව සිනමා නිර්මාණයක වැඩකටයුතු පසුගියදා සුබමොහොතින් ආරම්භ වූයේ , බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදීයි.

“මළ මඟුලයි" යන නමින් නම් කර ඇති මෙම චිත්‍රපටය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයක් වෙනවා.
මීට පෙර "අපේ ප්‍රින්සිපල්" හා "පාස්පෝට්" චිත්‍රපට යුගලය ප්‍රේක්ෂකයාට තිළිණ කළ ක්‍රිස් ඇන්තනි විසිනුයි මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ.

මෙය ඔහුගේ සිවු වන සිනමා නිර්මාණය වන අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ "අන්ලොක්" චිත්‍රපටයද ද නුදුරේම තිරගත වීමට නියමිතයි.
“මළ මඟුළයි" චිත්‍රපටයේ කතාවට පාදක වන්නේ මෙවැනි සිදුවීම් දාමයක්,
තරුණයන් දෙදෙනෙකු එක්ව ඒ ටූ ඉසෙඩ් ( A to Z) නමින් හැඳින්වෙන ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යන අතර , ඒ තුළින් උපතේ සිට විපත දක්වා සිදුවන ඕනෑම උත්සව අවස්ථාවක් නිර්මාණාත්මකව සංවිධානය කිරීම ඔවුන්ගේ මෙම ආයතනයේ අරමුණයි.සේවක පිරිසක් ද ආයතනය හා එක්වී සිටී. මෙම කටයුතු පිළිබඳව කිසිදු දැනීමක් හෝ අවබෝධයක් නොමැති මෙම පිරිස අදාළ උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමේදී ඇතිවන විවිධ ගැටලුකාරි තත්වයන් පිළිබඳව මෙතුලින් ප්‍රේක්ෂක අවධානයට ලක්කර ඇත.
ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, මිහිර සිරිතිලක, පබෝදා සංදීපනි, රිචඩ් මානමුදලි, විදුරංග සිරිමාන්න, දයා වයමන්, රංජිත් රූබන්, රාජා ගනේෂන්, තරිඳු කාවින්ද ගමගේ ඇතුළු ජනකාන්ත නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ තිර පිටපත රචනා කොට තිබෙන්නේ ක්‍රිස් ඇන්තනි සමගින් චාලින් මනුරංග සහ එල් .දුල්ශාන් සිල්වා එක්වයි.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ කෝසල ගමගේ විසින්.
කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කෝස්තා , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න , සංස්කරණයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , ඇඳුම් නිර්මාණයෙන් ජීවන්ති පෙරේරා , ප්‍රචාරක නිර්මාණ කටයුතු අංශයෙන් සිනෙත් මාලක පතිරණ ඇතුළු පිරිසක් "මළ මඟුළයි " සඳහා දායක වෙනවා.
ඉදිරියේදී චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
තොරතුරු - ඇන්ටන් ජේ ප්‍රනාන්දු
මතු දැක්වෙන්නේ පසුගියදා පැවති “මළ මඟුලයි" චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්>>>
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැක.)
https://www.mirrorarts.lk/news/12220-2026-01-19-03-14-02#sigProIdddb3bd7fad









