වෝල්ට් ඩිස්නි (Walt Disney) සමාගම විසින් නිෂ්පාදනය කළ“Zootopia 2”හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපටය මේ වන විට ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක ආදායමක් උපයමින් ලොව වැඩිම ආදායමක් ලැබූ හොලිවුඩ් ඇනිමේෂන් චිත්‍රපට බවට පත්වීමට සමත්ව තිබෙනවා.

ඒ මීට පෙර ඩොලර් බිලියන 1.69 ආදායමක් ලබා, හොලිවිඩ් ඇනිමේෂන් චිත්‍රපට ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය ලෙස පැවති “Inside Out 2”(2024) චිත්‍රපටයේ ආදායම ඉක්මවා යාමට සමත් වෙමින්.
“Inside Out 2”(2024)
“Zootopia 2” යනු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් 2016 වර්ෂයේ නිකුත් වූ “Zootopia” චිත්‍රපටයේ 2 වන දිගගැරුම වන අතර, "ජැරඩ් බුෂ් සහ බයිරන් හොවාර්ඩ් යන ඇමරිකානු නිර්මාණ කරුවන් යුගළය මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙනවා.
සිනමාපටය හරහා හාවි පොලිස් නිලධාරිනිය (ගිනිෆර් ගුඩ්වින්) සහ කපටි නරියා (ජේසන් බේට්මන්) යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. මෙවර ඔවුන් දෙදෙනා එක්ව නගරයට අලුතින් පැමිණි අභිරහස් උරගයෙකු (කී හුයි ක්වාන්) හඹා යන ආකාරය දැකගත හැක.
පසුගිය වසරේ (2015) නොවැම්බර් 13 වනදා සිට ලොව පුරා තිරගත වීම් ඇරඹි මෙම චිත්‍රපටයේ නිෂ්පාදන වියදම සටහන් වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් ලෙසයි.
කෙසේ වෙතත්, ඇමරිකානු චිත්‍රපට සංගමයට (MPA) අයත් නොවන චිත්‍රපටයක් වන 2025 වසරේ නිකුත් වූ චීනයේ “Ne Zha 2” සජීවිකරණ චිත්‍රපටය ලොව පුරා ඩොලර් බිලියන 2.25ක ආදායමක් ලැබූ අතර, ලොව වැඩිම ආදායමක් ලැබූ ඇනිමේෂන් චිත්‍රපටය ලෙස තවදුරටත් පෙරමුණේ පසුවෙනවා.









