ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය පිළිබඳ ශාස්ත්‍රීය හා විචාරාත්මක ලිපි ඇතුළත් කරමින්ජාතික චිත්‍රපට සංස්ථාව (NFC) මගින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල සිනමා සඟරාව වන “චිත්‍රපට” සඟරාවේ නවතම කලාපය එළිදැක්විම,
2026 ජනවාරි 21 බදාදා,
සවස 3.00 ට,
කොළඹ 07 ,ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේදී සිදුවෙනවා.
මෙවර “චිත්‍රපට” සඟරාව එළිදැක්වෙන්නේ ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79 සපිරෙන දිනයේ වීම ද විශේෂත්වයක්.
සඟරාවේ ප්‍රධාන සංස්කාරකත්වය දරන්නේ බූපති නලින් වික්‍රමගේ විසින්.
එදිනට(21) විශේෂ වට්ටම් මිලකට 'චිත්‍රපට' සඟරාව මිලදී ගැනීමටද ඔබට අවස්ථාව උදා වෙනවා.
මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කොට සිටිනවා.












