තරුණ සිනමා නිර්මාණකරු තෙවිත් ගමගේගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වන “අරගලයක් මැද” චිත්‍රපටයේ සමාරම්භය පසුගියදා සිදු විය.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ප්‍රවිණ රංගන ශිල්පී බුද්ධික ජයරත්න විසින් වන අතර,
නිර්මණී නිකපිටිය, ඔෂේලි විහන්සා, නිහාල් ගුණවර්ධන, සුගත් ජානක, ටෙඩී විද්‍යාලංකාර, ධනුෂ්ක වන්නිනායක, කාවින්ද වික්‍රම ආරච්චි, මංගල ප්‍රනාන්දු, ශානක උදාර, සුරේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු නළු නළියන් පිරිසක් මීට රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂණයෙන් - ජනා රත්නායක, කැමරා අධ්‍යක්ෂණයෙන් - ගෞතම් මනෝජ්, වේෂ නිරූපණයෙන් - හෙන්ඩ්‍රි ප්‍රේමරත්න, ඇඳුම් නිර්මාණයෙන් - රොෂාන් අබේගොඩ, නිෂ්පාදන කළමණාකරණයෙන් - උපුල් ලියනගගේ එක් වෙනවා.
චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ නිහාල් ගමගේ විසින්.
“අරගලයක් මැද” සිනමා නිර්මාණයේ රූගත කිරීම් ඉදිරියේදී ආරම්භ වීමට නියමිතයි.
මතු දැක්වෙන්නේ පසුගියදා පැවැති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්>>
(ඡායාරූප අයිතිය Anupa Nethsara Photography සතුයි.)
https://www.mirrorarts.lk/news/12226-2026-01-20-03-46-17#sigProIdead85d8dfa









