98 වන ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශ නාමයන් (nominees) මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙවා. මෙහිදී පසුගිය මාස 12 තුළ සිනමා ක්ෂේත්‍රයේ විශිෂ්ටතම තරු සහ නිර්මාණ ඇගයීමට ලක් කෙරේ.
මෙවර ‘Sinners’ චිත්‍රපටය නිර්දේශ නාම 16ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටින අතර, එය ඔස්කාර් ඉතිහාසයේ චිත්‍රපටයක් ලැබූ වැඩිම නාම යෝජනා සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ නාම යෝජනා 14 ලබා ගත් 'All About Eve' (1950), 'Titanic'(1997) සහ 'La La Land' (2016) යන චිත්‍රපටයි.

ලැයිස්තුවේ දෙවන ස්ථානය නිර්දේශ නාම 13ක් ලබාගත් ‘One Battle After Another’ චිත්‍රපටයට හිමිව ඇති අතර, 'Marty Supreme', 'Frankenstein' සහ 'Sentimental Value' යන චිත්‍රපට නිර්දේශ නාම 9 බැගින් ලබාගෙන ඇත. එමෙන්ම ‘Hamnet’ චිත්‍රපටය නිර්දේශ නාම 8ක් ලබා සිටියි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙල එළඹෙන මාර්තු 15 වන දින ලොස් ඇන්ජලීස් හි හොලිවුඩ් ඕවේෂන් හි පිහිටි ඩොල්බි රඟහලේදී (Dolby Theatre) පැවැත්වීමට නියමිතයි.
මතු දැක්වෙන්නේ මේ වන විට නිකුත් කොට ඇති නිර්දේශ නාම ලැයිස්තුවේ ප්‍රධාන අංශ කිහිපයක විස්තර සටහනයි.
Best picture හොඳම චිත්‍රපටය (නිර්දේශ නාම)
- Bugonia
- Frankenstein
- F1
- Hamnet
- Marty Supreme
- One Battle After Another
- The Secret Agent
- Sentimental Value
- Sinners
- Train Dreams
Best actor හොඳම නළුවා (නිර්දේශ නාම)
- Timothée Chalamet - Marty Supreme
- Leonardo DiCaprio - One Battle After Another
- Ethan Hawke - Blue Moon
- Michael B Jordan - Sinners
- Wagner Moura - The Secret Agent
Best actress හොඳම නිළිය (නිර්දේශ නාම)
- Jessie Buckley - Hamnet
- Rose Byrne - If I Had Legs I'd Kick You
- Kate Hudson - Song Sung Blue
- Renate Reinsve - Sentimental Value
- Emma Stone - Bugonia
Best director හොඳම අධ්‍යක්ෂණය ( නිර්දේශ නාම)
- Paul Thomas Anderson - One Battle After Another
- Ryan Coogler - Sinners
- Josh Safdie - Marty Supreme
- Joachim Trier - Sentimental Value
- Chloé Zhao - Hamnet
Best adapted screenplay හොඳම අනුවර්තිත තිර පිටපත් (නිර්දේශ නාම)
- Bugonia
- Frankenstein
- Hamnet
- One Battle After Another
- Train Dreams
Best original screenplay
- Blue Moon
- It Was Just an Accident
- Marty Supreme
- Sentimental Value
- Sinners
Best international feature හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය (නිර්දේශ නාම)
- It Was Just an Accident
- Sentimental Value
- Sirât
- The Secret Agent
- The Voice of Hind Rajab
Best animated feature හොඳම සජීවීකරණ චිත්‍රපටය (නිර්දේශ නාම)
- Arco
- Elio
- KPop Demon Hunters
- Little Amélie or the Character of Rain
- Zootopia 2
Best documentary feature හොඳම වාර්තා චිත්‍රපටය (නිර්දේශ නාම)
- Come See Me in the Good Light
- Cutting Through the Rocks
- Mr. Nobody Against Putin
- The Alabama Solution
- The Perfect Neighbor









