ලෙනාර්ඩ් වුල්ෆ්ගේ ප්‍රකට ‘බැද්දේගම” නවකතාව පාදක කර ගනිමින් නිර්මාණය වන නවතම ටෙලි නාට්‍යයක රූගත කිරීම් මේ දින වල සිදු වෙනවා.
‘බැද්දෙගම' නමින් නම් කර ඇති මේ ටෙලි නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ මීට පෙර ආදරණීය කතාවක්, මන්දාරා, දේදුනු ආකාසේ .. වැනි ජනප්‍රිය චිත්‍රපට මෙන්ම සකූගේ කතාව, සකූගේ ලෝකය.. වැනි ටෙලි නිර්මාණයන් ද ප්‍රේක්ෂකයා වෙනුවෙන් තිළිණ කළ ප්‍රියන්ත කොළඹගේ විසිනුයි.
මෙහි රූගත කිරීම් ආරම්භ වූ බව දැනුම් දෙමින් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක වරයා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් සහ ඡායාරූප කිහිපයක් ද එක් කර තිබුණා.
ඒ මේ අයුරින්.
"බැද්දේගම සිලිඳු, ඩිංගි, පුංචිමැනිකා, හින්නී කේන්ද්‍ර කරගත් ජීවිතවල කේදනීය යථාර්තය ...., විශිෂ්ඨතම නවකතාවක රූපමය දිගහැරුම බැද්දෙගම මෙසේ රූගතකිරීම ආරම්භ විය" - ප්‍රියන්ත කොළඹගේ
මෙම ටෙලි නිර්මාණයට රංගනයෙන්,
"සෞම්‍ය ලියනගේ, ආනන්ද කුමාරඋන්නැහේ, උමාලි තිලකරත්න, රෙබෙකා දිල්රුක්ෂි, ප්‍රියංකර රත්නායක, අකලංක ප්‍රභාෂ්වර, මාදනී මල්වත්ත, මල්කාන්ති ජයසිංහ... ඇතුළු තවත් ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය නළු නිළියන් රැසක් දායක වෙනවා.

මෙහි තිර පිටපත ප්‍රියනාත් විදානපතිරණ හා කාවින්ද මලවිආරච්චි විසින් රචිත අතර, කැමරා අධ්‍යක්ෂණය ලක්ෂ්මන් වික්‍රමතිලක විසින් සිදු කරනු ලබනවා.
නාට්‍ය නිෂ්පාදනය කරන්නේ Colombage Films විසින්.
නුදුරේදීම ලෙනාර්ඩ් වුල්ෆ් මැවූ බැද්දේගම රූපමය නිමැවුමක් ලෙසින් පුංචි තිරයෙන් දැකගන්නට ප්‍රේක්ෂකයාට අවස්ථාව උදා වනු ඇති.












