lan englan tam

පුවත්

"නවදිල්ලි උළෙලට තේරුණු නාට්‍ය යවන්න සංස්කෘතික අමාත්‍යංශයට සල්ලි නැතිලු"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර 2026 නවදිල්ලි ජාත්‍යන්තර නාට්‍ය උළෙල සඳහා තේරී පත්ව ඇති ශ්‍රී ලාංකීය නාට්‍ය ද්විත්වය වන බුද්ධික දමයන්තගේ "මට සිහිනයක් ඇත" සහ චාමික හත්ලාවත්තගේ "තොරණ" යන නාට්‍ය දෙක ප්‍රදර්ශනය සදහා සදහා තවමත් අනුග්‍රාහකත්වය හෝ රාජ්‍ය අනුග්‍රාහකත්වය නොලැබීම නිසා මේ වන ගැටළුකාරී තත්වයක් මතුව ඇත.

 

එඩිංබරෝ නාට්‍ය උළෙලට අමතරව ලොව විශාලතම ජාත්‍යන්තර නාට්‍ය උළෙල ලෙස සැලකෙන නවදිල්ලි ජාත්‍යන්තර නාට්‍ය උළෙල හෙවත් (‘භාරත් රන් මහෝත්සව් - BRM 2026) හි 25 වන දිගහැරුම එළඹෙන ජනවාරි 27 සිට පෙබරවාරි 20 දක්වා ඉන්දියාවේ ස්ථාන 40කදී පැවැත්වීමට නියමිතව තිබේ.

භාෂා - උප භාෂා 228 කින් නිෂ්පාදිත නාට්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම උළෙල භාෂා විවිධත්වය අතින් ලොව විශාලතම නාට්‍ය උළෙල බවටද පත් වනු ඇති.

මේ සදහා නාට්‍ය දහස් ගණනක් අතරින් සිදු කරන ලද තරඟකාරී තෝරා ගැනීමකින් අනතුරුව ශ්‍රී ලංකාවේ නාට්‍ය 2 ක් උළෙලේ ප්‍රදර්ශනය කිරීමට තෝරාගෙන තිබෙනවා.

එම නාට්‍ය ද්විත්වය වන්නේ බුද්ධික දමයන්තගේ "මට සිහිනයක් ඇත" සහ චාමික හත්ලාවත්තගේ "තොරණ" යන නාට්‍යයයි.

ඒ අනුව නාට්‍ය උළෙලට සහභාගී වීම සදහා මෙම නාට්‍ය කණ්ඩායම් දෙක අවම වශයෙන් පෙබරවාරි 01 දා වන විට ඉන්දියාව බලා යා යුතු වුවත් මේ සඳහා ගුවන් ටිකට්පත් ලබා ගැනීමට අවශ්‍ය මුදල් තවමත් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

උද්ගත වී ඇති මෙම තත්වය පිළිබඳව ප්‍රවීණ නාට්‍ය කරුවෙකු වන ජෙහාන් අප්පුහාමි සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා වීඩියෝවක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූ අතර,

ඔහු සදහන් කළේ ලංකාවේ නාට්‍ය දෙකක් මෙලෙස ජාත්‍යන්තර නියෝජනය කිරීමට මහඟු අවස්ථාව හිමී වී ඇති මොහොතක සංස්කෘතික අමාත්‍යංශය මීට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැති බව පවසා ඇති බවයි.

ආදාළ වීඩියෝව නරඹන්න - click here

එමෙන්ම ඔහු සදහන් කළේ මීට පෙර අවස්ථා වලදී මෙවැනි තත්වයකට මුහුණ දීමට සිදු වී නැති බවද, පෙර අවස්ථා වලදී අන්තර්ජාතික උළෙලකට නාට්‍ය තේරී පත් වූ විට පොදු අරමුදල් වලින් හෝ අනුග්‍රාහකයෙකු සම්බන්ධ කරගෙන ඒ සදහා පෙර රජයන් අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීම සිදු වූ බවයි.

ලංකාවේ නාට්‍ය කලාවට ජාත්‍යන්තරය නියෝජනය කිරීමට ලැබෙන මෙවැනි මහඟු අවස්ථාවක ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දිම රජයක වගකිම වන බව ඔහු සදහන් කළ අතර, ආණ්ඩුවේ “සංස්කෘතික මිනිසෙකු බිහි කිරීම වැනි පුළුල් අරමුණු වලට මෙවැනි දේ හරහා සිදු වන්නේ කුමක් ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියා.

එමෙන්ම සියළු නාට්‍ය කරුවන්ගෙන් මේ සදහා මැදිහත් වන මෙන් ඔහු ඉල්ලා සිටි අතර, හෙට(26) දිනයේදී මේ පිළිබඳව දැනුවත් කරමින් මාධ්‍ය හමුවක්  පවත්වන බවත් සදහන් කළා.

 

kemadasa

shungara

Back to top
Go to bottom