සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නවතන ක්‍රියාදාම සහ ත්‍රාසජනක චිත්‍රපටය වන 'King' පළමුවරට සිනමාහල්වල තිරගතවන දිනය නිල වශයෙන් නිවේදන කර තිබෙනවා.
ෂාරුක් ඛාන් සිය සමාජ මාධ්‍ය ඔස්සේ මෙය සිය රසිකයන්ට දැනුම් දී ඇත.
ඒ අනුව 'KING' චිත්‍රපටය 2026 දෙසැම්බර් 24 වනදා නත්තලට නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.
එනම් ප්‍රේක්ෂකයන්ට හරියටම තවත් මාස 11ක කාලයක් චිත්‍රපටය නැරඹීම සඳහා බලා සීටිමට සිදු වෙනවා.
‘King’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සිද්ධාර්ත් ආනන්ද් (Siddharth Anand) විසින් වන අතර ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ද මීට රංගනයෙන් එක්වීම විශේෂත්වයක්.
එමන්ම මෙම චිත්‍රපටයේ දීපිකා පදුකෝන්, සුහානා ඛාන් සහ අභිෂේක් බච්චන් ද රංගනයෙන් එක් වෙනවා.
චිත්‍රපටය රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ මාර්ෆ්ලික්ස් පික්චර්ස් යන නාමය යටතේ ගෞරි ඛාන්, සිද්ධාර්ත් ආනන්ද් සහ මම්තා ආනන්ද් විසින් නිෂ්පාදනය කරනු ලබනවා.
චිත්‍රපටයේ teaser වීඩියෝ පටය පසුගිය ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනයේ නිකුත් කරනු ලැබු අතර, පූර්ව ප්‍රචාරක පටයේ දර්ශන වලින් පෙනී යන්නේ මෙය ෂාරුක්ගේ මීට පෙර බ්ලොක්බස්ටර් වාර්තා තැබු 'පතාන්' සහ 'ජවාන්' වැනි ආකාරයේ ක්‍රියාදාම සපිරි ත්‍රාසජනක චිත්‍රපටයක් වන බවයි.
මෙම teaser වීඩියෝ පටයේ ෂාරුක් ඛාන් විසින් "Darr nahi, deshshat hoon". (I am not fear, I am terror, මම බිය නොවෙමි, මමයි භීතිය.” ලෙස පවසයි.
එම දෙබස ලෝව පුරා ෂාරුක්ගේ ප්‍රේක්ෂකයින් තව තවත් උද්යෝගමත් කළේය.
‘King’ චිත්‍රපටයේ teaser වීඩියෝ පටයේ නරඹන්න පිවිසෙන්න පහළින්>>
1965 වසරේ නොබැම්බර් මස 02 වනදා ඉන්දියාවේ නවදිල්ලි නුවර උපත ලැබූ ෂාරුක් ඛාන් 1980 දශකයේ අගභාගයේදී රූපවාහිනී කතා මාලා කිහිපයක පෙනී සිටීමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 1992 දී දීවානා සංගීතමය ආදර කතාව සමඟින් හින්දි චිත්‍රපටවලට පිවිසියේය.
ඔහු මුලින් පිළිගැනීමට ලක් වූයේ බාසිගර් (1993) සහ දර් (1993) චිත්‍රපටවල දුෂ්ට චරිත නිරූපණය කිරීම සඳහා ය.
දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ (1995), දිල් තෝ පාගල් හේ (1997), කුච් කුච් හෝතා හේ (1998), මොහබ්බතීන් (2000), කභි කුෂි කභි ගම් (2001), කල් හෝ නා හෝ (2003), වීර්-සාරා (2004) සහ කභි අල්විද නා කෙහෙනා (2006) ඇතුළු ඉහළම ආදායම් ලබන ආදර චිත්‍රපට රැසකට ඔහු සිය රංගනය දායක වී තිබේ.
ඔහු 2002 දී තිරගත වූ ආදර චිත්‍රපටයක් වූ වූ 'දේව්දාස්' හි මත්පැන් පානය කරන්නෙකුගේ චරිතය, 2004 දී 'ස්වදේස්' හි නාසා විද්‍යාඥයෙකුගේ චරිතය, 2007 දී 'චක් දේ! ඉන්දියා' හි හොකී පුහුණුකරුවෙකුගේ චරිතය සහ 2010 දී තිරගත වූ 'මයි නේම් ඉස් ඛාන්' චිත්‍රපටයේ ඇස්පර්ජර් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන මිනිසෙකුගේ චරිතය සඳහා විචාරක පැසසුමට ලක් විය.
එමෙන්ම, 'ඕම් ශාන්ති ඕම්' (2007) සහ 'රබ් නේ බානා දි ජෝඩි' (2008) ජබ් තක් හේ ජාන් (2012) යන ආදර කතා සමඟින් සහ 'චෙන්නායි එක්ස්ප්‍රස්' (2013) සහ 'හැපි නිව් ඉයර්' (2014) යන විකට චිත්‍රපට දක්වා ව්‍යාප්ත වීමත් සමඟ වාණිජමය වශයෙන් තවත් සාර්ථකත්වයක් අත්කර ගත්තේය.
කෙටි පසුබෑමකින් සහ විරාමයකින් පසුව, ඛාන් 2023 දී ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපට වන 'පතාන්' සහ 'ජවාන්' සමඟ වෘත්තීය නැවත පැමිණීමක් සිදු කළ අතර, ඒ දෙකම වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපට අතර වේ. ජවාන් සඳහා, ඔහුට ප්‍රධාන චරිතයක හොඳම නළුවා සඳහා වන ජාතික චිත්‍රපට සම්මානය හිමි විය.
ඔහුගේ රංගන හැකියාව අගයමින් හොඳම නළුවා, හොඳම දුෂ්ඨයා මෙන්ම විවිධ කාණ්ඩ යටතේ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
2015 වන විට, ඔහු නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් හි සහ එහි අනුබද්ධ සමාගම්වල සම-සභාපතිවරයා වන අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායමේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ කැරිබියන් ප්‍රිමියර් ලීග් කණ්ඩායමේ ට්‍රින්බාගෝ නයිට් රයිඩර්ස් හි සම-හිමිකරු වේ.
ඛාන්ගේ පරිත්‍යාගශීලීත්වය සහ සෞඛ්‍ය සේවා සහ ආපදා සහන ලබා දීම මෙන්ම ළමා අධ්‍යාපනයට ඔහු දැක්වූ සහයෝගය වෙනුවෙන් 2011 දී යුනෙස්කෝවේ "UNESCO's Pyramide con Marni award"සහ ඉන්දියාවේ කාන්තා හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවෙන් 2018 දී ලෝක ආර්ථික සංසදයේ "Crystal Award"සම්මානය ඔහුට පිරිනමන ලදී.
ඔහු ඉන්දියානු සංස්කෘතියේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුගත කිරීම්වල නිතිපතා පෙනී සිටින අතර, 2008 දී 'Newsweek' ඔහුව ලෝකයේ බලවත්ම පුද්ගලයින් පනස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කළේය.
2022 දී, 'Empire' විසින් කරන ලද පාඨක මත විමසුමකදී ෂාරුක් ඛාන් ශ්‍රේෂ්ඨතම නළුවන් 50 දෙනාගෙන් කෙනෙකු ලෙස ප්‍රකාශ කරන ලද අතර, 2023 දී 'Time' ඔහුව ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස නම් කරන ලදී..
මූලාශ්‍රය - adaderana









