lan englan tam

පුවත්

පුංචි තිරයට මැවෙන 'පිරිනිවන් කඳු පාමුලින්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
2022 වසරේ ස්වර්ණ පාඨක සම්මාන අවසන් වටය නියෝජනය කළ රන්දික කඩවතආරච්චි ලියූ 'පිරිනිවන් කදු පාමුලින්' නවකතාව ඇසුරින් නිර්මාණය වන 'පිරිනිවන් කදු පාමුල' නවතම ටෙලි නිර්මාණයේ රූගත කිරීම් මේ වන විට ආරම්භ කොට තිබෙනවා.

 

622579262 3667403070079546 8957343444799389755 n

 

මෙම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ පසුගිය වසරේ සම්මන රැසක් දිනු “වියළි” ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ චන්දන ඉරුගල්බණ්ඩාර විසිනුයි.

මීට රංගනයෙන් බිමල් ජයකොඩි, චන්දිමා කරුණාදාස, අප්සරා ගුණතිලක, ජගත් චමිල, රෙබෙකා දිල්රුක්ෂි, උදයංගි කුලතුංග, සරත් කොතලාවල, බියංක අමරසිංහ, මල්කාන්ති ජයසිංහ, මයුර කාංචන, ජෙනට් ඇන්තනී, නයනා හෙට්ටිආරච්චි, නෙතලි නානායක්කාර, කැළුම් විජේසූරිය... ඇතුළු ප්‍රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙනවා.

අරුණ ප්‍රේමරත්න මෙහි තිර රචනය සිදු කරන අතර, අ යන්න යට production වෙනුවෙන් දිලුපා නිරෝෂණී ද අල්විස් නිෂ්පාදන දායකත්වය ලබා දෙනවා.

ඉතින්, ළඟදීම 'පිරිනිවන් කදු පාමුලින්' රූපමය නිමැවුමක් ලෙස ප්‍රේක්ෂකයාට දැක ගන්නට අවස්ථාව උදා වනු ඇත.

 

 මතු දැක්වෙන්නේ මේ දින වල රූගත කිරීම් සිදුවන 'පිරිනිවන් කදු පාමුල' ටෙලි නාට්‍යයේ දර්ශනතලයෙන් ලබාගත් ඡායාරූප කිහිපයක්>>

 

 625012163 18345257173236896 7983433772638585667 n

627250050 18345257254236896 7967799100288461101 n

627862835 18345257236236896 8433584202530824447 n

627539275 18345257182236896 5153572609897488646 n

627062593 18345257272236896 8948388342871828577 n

627238077 18345257158236896 7274981592669697439 n

 

 

 

 

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom