41 වන ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන අනුශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සබීනා යූසෆ් සමත්ව තිබෙනවා.
ඒ ඇමරිකාවේ ලාස් වේගාස් හි අද (30) පෙරවරුවේ පැවති අවසන් මහා තරගයේදීයි.
තරගාවලියේ කිරුළ හිමිකර ගැනීමට සමත් වූයේ තායිලන්තය නියෝජනය කළ තරගකාරිනියයි.
එමෙන්ම සත්කාරක අමෙරිකා එක්සත් ජනපදයේ තරඟකාරිනිය මෙහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යමින් මෙරටට කීර්තියක් අත්කර දුන් සබීනා යූසෆ් හට අපගේ උණුසුම් සුබ පැතුම්.









