lan englan tam

පුවත්

වසර 33 පසු යළිත් කරළියට ආ ‘චෙකොව් සන්ධ්‍යාව’!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඇන්ටන් චෙකෝව්ගේ 166 වන ජන්ම දින සංවත්සරය (2026 ජනවාරි 29) හා චෙකෝව් සන්ධ්‍යාව නිර්මාතෘ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88 වන ජන්ම දිනය (2026 ජනවාරි 28) එකම දිනයක සමරමින්,

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් සන්නිවේදනාත්මක රංග අධ්‍යයනයක් ලෙස 1991 දී මුල්වරට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ "චෙකොව් සන්ධ්‍යාව" නාට්‍යය වසර 33කට පසු යළිත් නව නිෂ්පාදනයක් ලෙස,

ඊයේ(29) දින බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් රංග ශාලාවේදී වේදිකාගත විම සිදු විය.

 

623856564 26037802845858075 1723293743591714223 n 1

 

නාට්‍ය වේදිකාගත වූ දර්ශන වාර දෙකේම ශාලාව ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය අතර, ප්‍රේක්ෂකයන්ගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.

වෙකෝව් සන්ධ්‍යාව නව නිෂ්පාදනය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ රවිඳු මහේන්ද්‍ර විසින් වන අතර, රවිඳු මහේන්ද්‍ර, ප්‍රසන්නජිත් අබේසූරිය, වසන්ත මොරගොඩ, සෙනෙවිරත්න රුද්‍රිගු, ජයනි සරත්චන්ද්‍ර, ඉන්දික ජයසිංහ සහ අජිත් සිරිමාන්න මීට රංගනයෙන් දායක විය. සංගීතය ගයාන් ගණකධාර විසින් සැපයූ අතර වේෂ නිරූපණය ජගත් පද්මසිරි විසින් සිදු කළා.

 

624492167 26037804809191212 774812432667524100 n

 

එමෙන්ම, චෙකෝව් සන්ධ්‍යාව නාට්‍ය කෘතියේ නව මුද්‍රණය ද ඊයේ දින සරසවි ප්‍රකාශනයක් ලෙස එළිදැක්වී මෙහිදී සිදුවිය.

චෙකෝව් සහ ඔහුගේ රංග කළමනාකරු අතර සිදුවන සංවාදයක් මධ්‍යස්ථ කරගනිමින්, චෙකොව්ගේ ප්‍රකට හා අප්‍රකට කෙටි නාට්‍ය කිහිපයක් එකම වේදිකාවක රංගගත කිරිම මෙම නිර්මාණයේ සුවිශේෂී රංග පටිපාටිය වන අතර, එම කෙටි නාට්‍ය කිහිපයට ‘දුම්කොළ (On Harmful Effects of Tobacco), කුරිරු විහිළුවක් (based on “Nincompoop” short story), ගමේ ගිම්හානය, (A Summer in Country), ‘දායාදය’ (The Proposal), සහ ‘හංස ගීතය’ (Swan Song) ඇතුලත් වෙයි.

 

624608570 26037803819191311 4377133088776437666 n

624825568 26037816279190065 6367041688657756405 n

625046045 26037808039190889 4969070085827169658 n 2

 

kemadasa

shungara

Back to top
Go to bottom