lan englan tam

පුවත්

හෙලෝ සොෆී වැඩ අරඹයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘සිකුරු හතේ’, ‘5 සමත්’ සහ ‘කාසි වාසි’ චිත්‍රපට ත්‍රිත්වය ගෙන ආ ඉම්පීරියල් ටෝකීස් ඉදිරිපත් කරන නවතම සිනමා නිර්මාණය ‘හෙලෝ සොෆි’ චිත්‍රපටයේ මුහුරත් උළෙල පසුගියදා බොරලැස්ගමුව ටැන්ගෝ රෙස්ටුරන්ට් හිදී පැවැත්වුණා.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නව පරපුරේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජෝ දිසානායක විසිනුයි.

මීට රංගනයෙන් කෞෂල්‍යා ප්‍රනාන්දු, ශ්‍යාම් ප්‍රනාන්දු, දුෂේනි මියුරංගි, දිදුල ඉඳූවර, මයුර කාංචන පෙරේරා, නඳුන් දිසානායක සමඟ ළමා නිලි ට්‍රිනිටි ක්ලෙයාරා.. ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වේ.

 

619197299 122230754132302768 8114205967070099065 n

 

චිත්‍රපටයේ කතා සාරංශය මේ අයුරිනි,

ජූඩ් වයස අවුරුදු 22 ක තරුණයෙකි. දිනක් රාත්‍රියේ බෝඩිමේ සිටින විටදී තම පෙම්වතිය සමඟ දුරකතනයෙන් බහින් බස් වීම නිසා කෝපාවිෂ්ඨ වේ.

බෝඩිමෙන් බැහැරව නුවර යාම සදහා පිටත්ව ගිය ඔහුගේ මිතුරන් වන දස්සා හා දුලා ජූඩ්ට කෝල් කරමින් පෙම්වතිය ගැන පවසමින් විහිළුකර ජූඩ්ව අවුස්සන ගමන් ජූඩ්ගේ කාන්සිය මග හරවා ගැනීම සඳහා 'TAKE ME" නම් App එකක් එවනු ලබයි.

එම App එකෙන් Notification එකක් එන අතර එය Close කිරීමට යාමේදී ජුඩ් අතින් හදිසියේම Open වෙයි.

නොදැනුවත්ව අත්හදා බැලීමේ දී හදිසියේ ජුඩ් අතින් සම්බන්ධයක් තහවුරු වී එකවරම නාදුනන ඇමතුමක් පැමිණීම නිසා බිය වී දුරකතනය පසෙකලා නිදා ගනී.

මධ්‍යම රාත්‍රියේ එක්වරම බෝඩිමේ දොරට කවුරුන් හෝ තට්ටු කිරීම නිසා දොර විවෘත කිරීමේදී අවුරුදු 37 ක් පමණ වයසැති කාන්තාවක් සාරියකින් සැරසී ජුඩ් ඉදිරිපිට දිස්වේ.

 

622116289 122230754306302768 5633419402593549050 n

 

'හෙලෝ සොෆී' චිත්‍රපටයේ දෙබස් සහ තිර රචනයෙන් දිදුල ඉඳූවර, කැමරාකරණයෙන් පුෂ්පිත නිර්මාල්,  ප්‍රධාන සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර, සංගීත අධ්‍යක්ෂණයෙන් බිලී සමීර, කලා අධ්‍යක්ෂණයෙන් තරිඳු නිසල්, නිෂ්පාදන කළමණාකරණයෙන් ධම්මික ගුණසේන, අංග රචනයෙන් මදාරා ගොඩගේ, ඇඳුම් නිර්මාණයෙන් වසන්ති දර්ශණී අල්විස්, නිශ්චල ඡායාරූප කරණයෙන් ධම්මික පතිරත්න, සංස්කරණය සහ වර්ණ සංකලණයෙන් අකිල ශමේන්ද්‍ර, ශබ්ද සංකලණයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි මීට දායක වෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය - අනුරාධ බී. රැකව, සුසිල් ජයසේකර, ශ්‍රී ලාල් වික්‍රමගේ විසිනි.

 

619666172 122230754252302768 6506863724595694867 n

 

මූලාශ්‍රය - Ape Cinamava - අපේ සිනමාව

kemadasa

shungara

Back to top
Go to bottom