'මන්දාරා', 'ආදරණීය කතාවක්', 'දේදුනු ආකාසේ' වැනි චිත්‍රපට ඔබ වෙත ගෙනා ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය, 'සූරිය සුළඟ' ළඟදීම දිවයින පුරා සිනමා ශලා වලදී තිරගත වීමට සූදානම් බව වාර්තා වෙනවා.
මේ වන විට චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක (teaser) පටයද අන්තර්ජාලයට නිකුත් කොට තිබෙනවා.
ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක් තිළිණ කරන්නට පොරොන්දු වන මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ 'Mr. World’තරගාවලියෙන් ලොවක් හඳුනාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන මේඝ සූරියආරච්චි විසින්.
ඒ සමගින් නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි... වැනී නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක් වෙනවා.
මෙහි තිර රචනය ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි විසින් වන අතර නිෂ්පාදනය: මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ විසිනි.
ඉතින්, නුදුරේදීම “සූරිය සුළඟ” නරඹන්නට සූදානම් වන්න.
චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>









