lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල ගම්පහදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන නිදහස් ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල,

2026 මාර්තු මස 06 සිට 08 දක්වා ගම්පහ වෙට් වෝටර් (Wet Water) රිසෝට්හිදී පැවැත්වෙනවා.

ලෝ ප්‍රකට, සම්මානනීය ලේඛකයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුවිශේෂී දින තුනක සාහිත්‍ය සැමරුම සඳහා, ජාත්‍යන්තර බුකර් ත්‍යාගලාභී (International Booker Prize Winner) භානු මුෂ්තාක්, විස්ලාවා ෂිම්බෝර්ස්කා සම්මානය දිනාගත් (Wisława Szymborska Award Winner) තෝමස් රෝජීකි, ඩෑන් ඩේවිඩ් ත්‍යාගලාභී (Dan David Award Winner) ක්‍රිස්ටොෆ් චිෂෙව්ස්කි සහ සුප්‍රකට සාහිත්‍ය නියෝජිත හා ලේඛක කණිෂ්ක ගුප්තා ඇතුළු දේස් විදෙස් කීර්තිමත් කවීන් සහ නවකතාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම මෙහිදී ඔවුන් හමුවීමට ද ඔබට අවස්ථාව උදා වෙනවා.

එමෙන්ම මෙම සුවිශේෂී උළෙල සජීවී සාකච්ඡා සහ විද්වත් කතාබහ, විශේෂ ප්‍රවීණතා පන්ති, කතුවරුන්ගේ අත්සන සහිතව පොත් ලබාගැනීම, විචිත්‍රවත් සංස්කෘතික අංග රැසකින් සමන්විතයි.

ගෝලීය සාහිත්‍යමය විශිෂ්ටත්වය ශ්‍රී ලංකාවට සමීප කරවන මෙම සුවිශේෂී අවස්ථාව සමග එක් වන මෙන් සාහිත්‍යට ආදරය කරන සහෘද ඔබ සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කොට සිටිනවා.

ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

 

627961738 122175206336794881 2865813190770628121 n 1

kemadasa

shungara

Back to top
Go to bottom