‘මාතර කලා උළෙල 2026’ හෙට දින, එනම් පෙබරවාරි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පුරා දින හතරක් මාතර ඓතිහාසික කොටුව පරිශ්රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත
විශේෂයෙන්ම පැරණි මහාධිකරණ පරිශ්රය සහ මාතර දිස්ත්රික් ලේකම් කාර්යාල ශ්රවණාගාරය කේන්ද්ර කරගනිමින් ක්රියාත්මක වන මෙම කලා මංගල්යය හුදෙක් ප්රදර්ශනයකට පමණක් සීමා නොවී දෘශ්ය කලා ප්රදර්ශන, නව පරපුරේ දක්ෂතා විදහා දක්වන කෙටි චිත්රපට ප්රදර්ශන, අපූර්ව අත්කම් භාණ්ඩ අලෙවි කෙරෙන කලා පොළ සහ ප්රවීණයන් මෙහෙයවන ප්රායෝගික වැඩමුළු ඇතුළු විවිධාංගීකරණය වූ අත්දැකීම් රැසකින් සමන්විත වේ.
සාමාන්ය ජනතාව කලාව වෙත සමීප කරවීම සහ මාතර සංස්කෘතික අනන්යතාවය ලොවට විදහා දැක්වීමේ අරමුණින් සංවිධානය කර ඇති මෙම උළෙලේ සියලුම ඉසව් මුළු පවුලටම එක්ව නැරඹිය හැකි පරිදි සම්පූර්ණයෙන්ම නොමිලේ විවෘතව පවතින අතර, වැඩසටහන් කාලසටහන් පිළිබඳ වැඩිදුර තොරතුරු www.MataraForArts.com වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.









