lan englan tam

පුවත්

පානදුරේ ආනන්ද හිමියන්ගේ කෘතියක් චිත්‍රපටයක් බවට පත්වෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන භාවනා කම්මට්ඨානාචාර්‍යයන් වහන්සේ ලෙස කටයුතු කරන පානදුරේ ආනන්ද හිමි  විසින් රචිත ‘Forbidden Love of a Buddhist Monk’ නැමැති කෘතිය පදනම් කරගනිමින්,

බුද්ධ දර්ශනයත් එහි පවතින්නා වූ ආස්වාද, ආදීනව, නිස්සරණ සංකල්පයන් ඉස්මතු කරමින් "කසිණ" නමින් සිනමා පටයක් නිෂ්පාදයන කිරීමට කොළඹ ජාත්‍යන්තර අධ්‍යාත්මික පදනම තීරණය කොට ඇත.

මෙම "කසිණ" සිනමා පටයේ ප්‍රධාන නිළිය ලෙස ශ්‍රී ලංකාවේ තිරගතවු ශ්‍රී සම්බුද්ධ ගෞතම ඉන්දියානු ටෙලි නාට්‍යයේ යශෝධරා චරිතයට පණ පෙවූ බොලිවුඩ් නිළි කාජල් උර්මිලා ජේන් මෙහි ප්‍රධාන ස්ත්‍රී චරිතය නිරූපණය කරන අතර ඇය බොලිවුඩ් ටෙලිනාට්‍ය වල මෙන්ම බොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක වී ඇත.

මිනිසුන්ගේ හදවත් තුළ පවතින ප්‍රශ්න, මානසික වේදනාවන් සංසිඳව ගන්නේ කෙසේද, ඒ සඳහා භාවනාව යොදා ගන්නේ කෙසේද, ආදී සාමාජීය ගැටලු රැසකට පිළිතුරු සපයන මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේදීත් රූගත කිරීමට බලාපොරොත්තු වේ.

බෞද්ධ දර්ශනයේ ගැඹුරු අවබෝධාත්ම, ප්‍රායෝගික පැතිකඩ කිසිදා ඇසීමට නොලැබෙන පිරිසකට, බෞද්ධ දර්ශනය රැගෙන යාම මෙම සිනමා නිර්මාණයෙන් අපේක්ෂා කරයි.

 

WhatsApp Image 2026 02 20 at 12.43.25 AM

 

(පානදුරේ ආනන්ද හිමි  විසින් රචිත ‘Forbidden Love of a Buddhist Monk’ නැමැති මෙම කෘතිය හැඟීම් නිසා ඇතිවෙන සිත් පීඩා, තමා තුළින්ම ජීවිතාවබෝධය ඇති කරගෙන නිදහස් වන ප්‍රායෝගික ආකාරයන් ජනගත කිරීම සඳහා ලියන ලද්දකි. එහි කතෘන් වහන්සේගේ ස්වයං ලිඛිත චරිතාපදානය ඇතුළු  පෙර ජීවිත තුනක කතාන්දරයන්ද, අධ්‍යාත්මික පිබිදීම සහ භාවනාවේ ප්‍රායෝගික භාවිතය ඉස්මතු කර ඇත.) 

kemadasa

shungara

Back to top
Go to bottom