lan englan tam

පුවත්

“පරම්පරා”ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීත මහෝත්සවය මාර්තු මාසයේදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

‘පරම්පරා’ ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන හා සංගීත මහෝත්සවය එළඹෙන මාර්තු 04 සහ 05 යන දෙදින ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතයි.

දේශීය මෙන්ම ඉන්දියානු ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවන මෙම ‘පරම්පරා’ සංස්කෘතික මහෝත්සවයේ නිර්මාතෘ වරිය වන්නේ ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිනියක් සහ භරත නාට්‍යම් ගැන සිංහලෙන් ලියූ ප්‍රථම සහ එකම ශාස්ත්‍රීය ග්‍රන්ථය ලියූ  ප්‍රීති ගනේගොඩයි.

 

parampara i

 

ප්‍රවීණ උඩරට නර්තන සහ කථකලී නර්තන ශිල්පී ආචාර්ය රවිබන්ධු විද්‍යාපති, සමන්තා විද්‍යාපති සහ චන්දන වික්‍රමසිංහ මෙම සත්කාර්යේ උපදේශන කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

මහෝත්සවය අදාළ දෙදින තුළම සවස 6.00 පමණ ආරම්භ වන අතර,

මාර්තු 04 වැනිදා පැවැත්වෙන මහෝත්සවයේදී ඉන්දියානු ශාස්ත්‍රීය  නර්තන ශෛලීන් ශ්‍රී ලාංකීය ප්‍රවීණ ශිල්පීන් සහ භාරතීය ශිල්පීන් විසින් රඟ දක්වනු ලබන අතර එය ‘නට’ මහෝත්සවය  යනුවෙන් නම් කර තිබෙනවා.

එදින ඉදිරිපත්වන සංස්කෘතිකාංග මෙසේයි.

 

WhatsApp Image 2026 02 20 at 10.22.59 AM

 

භරත නාට්‍යයම්

විද්‍යා අරසු තමයි භරත නාට්‍යයම්  රඟ දක්වන්නේ. ඉන්දීය සම්භවයක් ඇති විද්‍යා ශ්‍රී ලාංකීය නර්තන ශිල්පියකු හා විවාහකව කලා කටයුතුවල යෙදෙමින් දැනට  ශ්‍රී ලංකාවේ පදිංචිව ඉන්නවා.

කථක් නර්තනය

ශාස්ත්‍රපති ශ්‍රීංගාමනී මේජර් වෙරෝනිකා දසනායක තමයි කථක් නර්තන ඉදිරිපත් වන්නේ

මෝහිණීයාට්ටම්

ඉන්දියාවේ ඉඳන් එන මව්මිතා පාල් මෙරට දැනට භාවිතයේ නොමැති මෝහිණීයාට්ටම් ශාස්ත්‍රීය නර්තනයේ යෙදෙනවා

කථකලී නර්තනය

ඉන්දියාවෙහි කේරළ  ප්‍රාන්තයේ භාවිතයේ යෙදෙන ශාස්ත්‍රීය නර්තනාංගයකි .ආචාර්ය රවිබන්ධු  විද්‍යාපති ,චන්දන වික්‍රමසිංහ ,මදුශංක ප්‍රිය දේශ් සහ ගීත්  ප්‍රේමචන්ද්‍ර රංගනයෙහි යෙදෙනවා.

ඔඩිසි නර්තනය

ඉන්දියාවෙහි ඔඩීෂා (ඔරිස්සා) ප්‍රාන්තයේ ප්‍රචලිත ඔඩිසි නර්තනය ශාස්ත්‍රීය ඉන්දීය නර්තන ශෛලියක්. නර්තනයෙහි යෙදෙන්නේ විද්‍යා අරුසු

චෞ නර්තනය

ඉන්දියාවේ ඔඩීෂා ( ඔරිස්සා ) ප්‍රාන්තයේ ප්‍රචලිත චෞ නර්තනය ජන නැටුම් වර්ගයක් .එමෙන්ම මෙය  යුද කලාවක්ද වෙනවා. චෞ කලාවේ ප්‍රධාන අංග ත්‍රිත්වයෙන් මයුර්භාන්ජ් වර්ගයේ නර්තන අංගයක් ශමිත හෙට්ටිගේ විසින් ඉදිරිපත් කරනවා.

කථක් නර්තනය

උත්තර භාරතයේ ප්‍රධාන නර්තන ශෛලියක් වන කථක් නර්තනය දේශීය වශයෙන් බොහෝ සිසුන් සංඛ්‍යාවක් හදාරන නර්තන අංගයක් .එදින කථක් නර්තනයෙහි යෙදෙන්නේ අම්රිතා විද්‍යාපති.

 

මාර්තු 05 වැනිදා ‘සංගීත මහෝත්සවය’ පැවැත්වෙනවා

එදින ඉදිරිපත්වන අංග මෙසේයි.

සිතාර් වාදනය

ආචාර්ය නිර්මලා කුමාරී රොද්‍රිගෝ  විසින් වාදනය කෙරෙන ශාස්ත්‍රීය වාදනයක්.

උත්තර භාරතීය ශාස්ත්‍රීය ගායනා

ශාස්ත්‍රපති අසිත් අතපත්තු විසින් ගයනු ලැබේ. වාදන සහාය ශාස්ත්‍රපති පේෂල මනෝජ් සහ විශාරද අරුණ ශාන්ත

බට නලා වාදනය

 එදින  බටනලාව  වාදනය කරන්නේ කුමාර ලියනවත්ත

වීණා වාදන වෘන්දය

සියලු සංගීත භාණ්ඩයන්ගේ රැජන ලෙස ප්‍රචලිත වීණාව වයන්නේ ගයත්‍රී සුන්දරමෝහන් ඇතුළු පිරිසයි.

තාල වාදන වෘන්දය

 ආචාර්ය රවිබන්ධු විද්‍යාපති ඇතුළු පිරිස තාල වාදන වෘන්දයේ යෙදෙනවා

දක්ෂිණ භාරතීය ශාස්ත්‍රිය ගායනා

දෙවින් ගනේගොඩ සේනාධීර විසින් ගයනු ලැබේ

 

පරම්පරා ප්‍රසංගය ගැන දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී ආචාර්ය රවි බන්ධු විද්‍යාපති සඳහන් කළේ මෙම ඇතැම් නර්තන ශෛලීන් අද වන විට ඉන්දියාවෙන් පවා දුරස්ව යන බවත් ශ්‍රී ලංකාවේ දකින්නට නොමැති බවත් එහි වටිනාකම් මිල කළ නොහැකි බවත්ය.

නර්තන කලාව අවභාවිත වන සහ නර්තන කලාවේ පැවතිය යුතු ගුණාංග සහ සැබෑ නර්තන ශෛලීන් අභාවයට යන යුගයක සැබෑ නර්තනයේත්  සංගීතයේත් වටිනාකම් උතුම් උසස් රස වින්දනයක් ජනනය කරනු පිණිස ජනතාව වෙත එන්නත් විය යුතු බවත් ඔහු සඳහන් කළා. එහෙත් අවාසනාවකට මෙවැනි ශාස්ත්‍රීය ප්‍රසංග සඳහා අනුග්‍රාහකයෙක් සොයා ගැනීම පවා ඉතාමත් දුෂ්කර කාර්යයක් වන බවත් පෞද්ගලික අංශයෙන් තබා රාජ්‍ය අංශයෙන් හෝ සංස්කෘතික අමාත්‍යංශයෙන්වත් මේ වනතෙක් මෙවැනි ප්‍රසංග සඳහා දායකත්වය ලබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් බවත්, ආචාර්ය රවි බන්ධු විද්‍යාපෘති  සඳහන් කළා.

එමෙන්ම නර්තනය සහ සංගීතය යන කලාවන්ට ඇති ආදරය නිසාම ඉන්දියානු නර්තන සහ සංගීත ශිල්පීන් ගුවන් ටිකට්පත් වියදම දරාගෙන නොමිලේම මෙවැනි ප්‍රසංගවලට සහභාගි වීම කෙතරම් ප්‍රශංසනීයද යන්නත් ආචාර්ය රවි බන්ධු විද්‍යාපති සඳහන් කළ අතර මෙම ප්‍රසංගය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලාංකීය ශිල්පින් සියලු දෙනාද නොමිලේම මේ සඳහා  දායකත්වය ලබා දීම අගය කළ යුතුම කාර්යයක් බව ද සඳහන් කළා.

ප්‍රවීණ භරත නාට්‍යම් ශිල්පිණි  ප්‍රීති ගනේගොඩ සඳහන් කළේ කවර බාධකයක් පැමිණියත් නර්තන කලාව සහ සංගීතය වෙනුවෙන් තමාගේ ඇති ආදරය නිසා  මෙවැනි ශාස්ත්‍රීය නර්තන කලාවන් සහ  සංගීත සම්ප්‍රදායන් ජනගත කරුණු පිණිස තමාට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දෙන බවයි.එමෙන්ම වසරෙන් වසරට මෙම ප්‍රසංගය පැවැත්වීමට තමා අදහස් කරන බවත් තෞර්යත්‍රිකම්  ග්‍රන්ථය ජනගත කරනදා ශාස්ත්‍රීය සංගීතයට සහ නර්තනයට ලැදි පිරිසක් හඳුනාගැනීමට ලැබීම තමාට මේ මොහොතේ සතුටට කාරණයක් බවත් ඇය ඉතා සංවේදීව පැවසුවා.

'පරම්පරා' ප්‍රසංගය නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි ආකාරය පිළිබඳ විස්තර බලාපොරොත්තු වන්න.

 

WhatsApp Image 2026 02 20 at 10.23.01 AM

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom