'Grey’s Anatomy', 'Euphoria' වැනි ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වල රංගනයන් තුළින් ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත්, ඇමෙරිකානු නළුවෙකු වන එරික් ඩේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 53 වන වියේ පසුවිය.
ඔහු පසුගිය වසරේ තමන් Amyotrophic Lateral Sclerosis (ALS) නමැති ස්නායු රෝගයකින් පෙළෙමින් සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර, එයින් වසරක් ගත වීමටත් මත්තෙන් ඔහු ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ ප්‍රකට රූපවාහිනී කතාමාලාවක් වන “Grey’s Anatomy” හි ඩොක්ටර් මාර්ක් ස්ලෝන් (Dr. Mark Sloan) ලෙස රංගනයෙන් දායක වීමෙනි.
මෑතකදී ඔහු HBO නාලිකාවේ “Euphoria” රූපවාහිනී මාලාවේ Cal Jacobs ලෙසද රංගනයෙන් දායක විය.
එරික් ඩේන් “Euphoria” රූපවාහිනී මාලාවේ Cal Jacobs ලෙස
මීට අමතරව 'The Last Ship', 'Charmed' වැනි ටෙලි කතා මාලාවන් හිදී ද, 'Marley & Me' සහ 'Burlesque' වැනි චිත්‍රපටවල ද ඔහු කැපී පෙනෙන රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් විය.









