lan englan tam

පුවත්

රාජ්‍ය දෘශ්‍ය කලා උළෙල 2025: ප්‍රවීණයන් තිදෙනෙකුට යාවජීව සම්මාන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2025 රාජ්‍ය දෘශ්‍ය කලා උලෙළ පසුගියදා (18) බත්තරමුල්ල, සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ගෞරවාන්විත අයුරින් පැවැත්විණි.

රාජ්‍ය කලා මණ්ඩලයට අනුබද්ධ දෘශ්‍ය කලා අනුමණ්ඩලය හා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම උත්සවය දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ නිර්මාණශීලීත්වය, ශාස්ත්‍රීය පර්යේෂණ සහ කලාකරුවන්ගේ සේවාවන් ඇගයීම අරමුණු කර ගත් වැදගත් අවස්ථාවක් විය.

ක්ෂේත්‍රයට කළ අනූපම සේවය වෙනුවෙන් යාවජීව සම්මාන පිරිනැමුණේ සරත් චන්ද්‍රජීව, ලාල් හෑගොඩ සහ නිහාල් ප්‍රනාන්දු යන ජ්‍යේෂ්ඨ කලාකරුවන් වෙත ය. ඔවුන්ගේ දිගුකාලීන කැපවීම හා දෘශ්‍ය කලා ක්ෂේත්‍රයට කළ දායකත්වය මෙහි දී ඇගයීමට පාත්‍ර විය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන උපුල් රණේපුර මහතා විසින් සංස්කරණය කරන ලද “රූපාවලෝකන - දෘශ්‍ය කලා ශාස්ත්‍රීය ලිපි සංග්‍රය” ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම මෙහි දී සිදු විය. ඔහුගේ සංස්කරණයෙන් නිකුත් වූ මෙම ග්‍රන්ථයට විෂය ප්‍රාමාණිකයන් විසින් ත්‍රෛභාෂාවෙන් ලියන ලද ලිපි ඇතුළත් වී තිබිණි.

එමෙන්ම චිත්‍ර, මූර්ති සහ ඡායාරූප යන අංශ ගණනාවක් යටතේ ඉදිරිපත් වූ නිර්මාණ සඳහා සහතිකපත් සහ ත්‍යාග පිරිනැමීම ද අනතුරුව සිදු කෙරුණි. විශේෂයෙන් Single Photograph Entries අංශයේ ජයග්‍රාහක ඡායාරූප කලා රසිකයන්ගේ අවධානයට ලක් විය.

මෙම රාජ්‍ය උත්සවය පැවැත්වුණේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ මූලිකත්වයෙනි.. අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික අධ්‍යක්ෂක කේ.එස්. දිල්හානි, කලා මණ්ඩල සභාපති කීර්ති වැලිසරගේ, සාහිත්‍ය අනුමණ්ඩල සභාපති කමල් පෙරේරා සහ දෘශ්‍ය කලා අනුමණ්ඩල සභාපති ප්‍රගීත් රත්නායක ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ විය.

මතු දැක්වෙන්නේ රාජ්‍ය දෘශ්‍ය කලා උළෙලේ ඡායාරූප කිහිපයක්>>

 

638787473 1223111103303787 4230400514966060470 n

639190222 1223110793303818 5603851270328542386 n

638316596 1223110786637152 7353080141246277766 n

640171096 1223111099970454 9125482345716894155 n

637374247 1223110486637182 2432445679672870848 n

640021463 1223110563303841 9093131233657534089 n

637214245 1223110723303825 3094432848661182624 n

638291592 1223109676637263 8474512339411607827 n

v i 1

v art f

 

kemadasa

shungara

Back to top
Go to bottom