මෙරට සිටින දක්ෂතම හා ප්‍රවීණතම හාස්‍ය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන බන්දු සමරසිංහ හා රොඩ්නි වර්ණකුල කලකට පසු එකම චිත්‍රපටයකින් හමුවන “අත්පුඩි” ළඟදීම තිරගත වීමට නියමිතයි.
මෙම චිත්‍රපටයේ බන්දු - රොඩ්නි සමගින් තාරුකා වන්නි ආරච්චි, විරාජ් පෙරේරා, මධුෂාන් නානායක්කාර, රොඩ්නි ෆ්‍රෙෂර්, කමල් දේශප්‍රිය, චතුර පෙරේරා, සරත් කුලාංග, කපිල සිගේරා, ශිරෝෂී රොමේෂිකා... ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් දායකවෙනවා.
‘අත්පුඩි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සූරිය අමරසේකර සහ රෝස් ඇන්ජෙලෝ අමරසේකරයි.
චමින්ද පෙරේරා, නයනජිත් ප්‍රියශාන්ත, කුමුදු අපෝන්සු සහ ‘පදිරි Production’ විසින් චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.
ඉතින්, මීට පෙර සිනමාවේ "පීටර් 1" , "My nane is Bandu" චිත්‍රපට තුළින්ද, පුංචි තිරයේ "නාන කාමරේ" "දර ගැරේජ්" වැනි නිර්මාණ හරහාද ඔබ දැකගත් බන්දු - රොඩ්නි සුසංයෝගය නැවතත් ළගදීම "අත්පුඩි" හරහා රිදී තිරයේ දැකගන්නට සූදානම් වන්න.













