යොවුන් සිනමාකරුවෙක්, ළාබාලතම චිත්‍රපට විචාරකයෙක් සහ ලේඛකයෙක් වැනි භූමිකා රැසක් ඔස්සේ කලා ලොවේ කවුරුන් අතරත් ප්‍රකට තරුණයෙකු වන අකාශ් තාරුක පෙරේරා විසින් රචිත නවතම පර්යේෂණ කෘතිය 'රංගේන්ද්‍ර රවීන්ද්‍ර' නමින් එළඹෙන 24 වෙනිදා එළිදැක්වීමට නියමිතයි.
'සිනමා රූපණ විද්‍යාව සහ ලාංකේය රංගකාරිකයා' නමින් පර්යේෂණය කෘති මාලාවක් එළිදැක්වීමට ඔහු අපේක්ෂා කරන අතර, එහි අතිශය ප්‍රථම වෙළුම කෘතහස්ත රූපණවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියන්ගේ සිනමා රංග විධික්‍රමය පර්යේෂණය කරමින් විරචිත ය.
මෙම කෘතිය ඔස්සේ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියන්ගේ ජීවන තතු හෝ පෞද්ගලික තොරතුරු වෙනුවට, 'රංගේන්ද්‍ර රවීන්ද්‍ර' නැමැති දේශීය සිනමාවේ පුරුෂෝත්තම රංගධරයා පිළිබඳ විෂයානුබද්ධ කියැවීමක් ජනගත කිරීම සිය අරමුණ වූ බව කතුරවයා පවසන අතර, මෙම කෘතියේ පිටකවරය ජනප්‍රිය ඡායාරූප ශිල්පිණියක වන රැෆෙලා ප්‍රනාන්දු විසින් 'රංගේන්ද්‍ර රවීන්ද්‍ර' ප්‍රතිරූපය හුවාදැක්වෙන ලෙස ගනු ලැබූ විශේෂ අලේඛ්‍ය ඡායාරූපයකින් ද සැරසෙන බව සදහන් කළේය.
මෙම කෘතිය එළිදැක්වීම එහි කතුවරයා වන අකාශ් තාරුක පෙරේරාගේ ජන්ම දිනය දා පැවැත්වෙන විශේෂ උළෙලක දී සිදුකිරීමට නියමිතයි.









