මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා පසුගියදා කුඩා ශල්‍ය කර්මයකට භාජනය වී ඇති බව සදහන් වෙනවා.
මේ පිළිබඳව යොහානිගේ (Yohani) නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා ද තොරතුරු දක්වා තිබූ අතර, ඇය කුඩා ශල්‍ය කර්මයකට භාජනය වූ බව ඒ මගින් තහවුරු කර තිබුණා. එමෙන්ම තමාගේ මුවේ ඇති මැහුම් දැක කලබල නොවන ලෙසත් ඇය රසිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියා.
ඇය මෙලෙස සැත්කමකට මුහුණ දුන් බව දැන ගත් බොහෝ රසිකයන් ඇයගේ සුව දුක් විමසමින්, ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් පණිවිඩ රාශියක් එක්කර තිබූ අතර, එම සියළු රසිකයන්ට යොහානි සිය කෘතඥතාව පළ කළා.
මේ වන විට තමන් බොහෝ දුරට සුව අතට හැරමින් සිටින බවයි ඇය වැඩිදුරටත් සදහන් කර තිබුණේ.











