ශ්‍රී ලංකාවේ නූතන චිත්‍ර කලාවේ සුවිශේෂි ස්ථානයක් හිමි කරගත් අන්තර්ජාතික ඇගයුම් ලැබු චිත්‍ර ශිල්පියෙකු වූ එච්. ඒ. කරුණාරත්න මහතා (1929-2026) සිය දිවි සැරිය නිමාකොට ඇත.
ඔහුගේ නිර්මාණ ශෛලිය සුවිශේෂි වු අතර එය සම්ප්‍රදායික ශ්‍රී ලාංකික රූප රටා හා නවීන ප්‍රකාශනවාදී (expressionist) හැඩතලත් බුදු දහමෙ සහ සෙන් දහමේ ගැබුරු හරයන් ගේ ආභාශයත් ලබා ප්‍රති නිර්මාණය වුවක් බවයි විචාරකයන්ගේ අදහස වන්නේ.
එච්. ඒ. කරුණාරත්නගේ කලා ගමනේ වැදගත් මංසන්ධියක් ලෙස ජපානය සමඟ ඇති සම්බන්ධතාවය සැලකේ. ඔහු ජපානයේ අධ්‍යාපනය හා කලා ආභාශය ලබාගැනීම හරහා තම නිර්මාණ ශෛලියට නව මානයක් එක්කරගත් කලාකරුවෙකි. ඔහුගේ නිර්මාණ තුලින් සරලත්වය (Simplicity) ස්වභාවික නිදහස් රේඛා , සහ ස්වභාවධර්ම සංකේත මගින් , ස්වභාදහම හා මානවයා අතර සම්බන්ධයයන් මෙන්ම , ආධ්‍යාත්මික ගැඹුරු බවක් ද නිරුපනය වු බවයි විචාරකයන් තවදුරටත් පැහැදිලිකරනු ලබන්නේ.
කරුණාරත්නයන්ගේ විශේෂත්වය වන්නේ ජපාන කලාමය සංවේදීතාවත් නුතන , වියුක්ත ප්‍රකාශනවාදයත් Abstract Expressionism ශ්‍රී ලාංකික ග්‍රාමීය හා සංස්කෘතික තේමාවන් සමඟ ඒකාබද්ධ කිරීමෙන් ඔහුටම ආවේනික අද්විතීය අනන්‍යතාවයක් ලබාදීමයි.
ඔහුගේ ලෝහමය සහ වෙනත් මාධ්‍ය උපයෝගි කරගත් නිමාණයන් ද ලොව පුරා අන්තර්ජාතික ප්‍රදර්ශණ රැසක ප්‍රදර්ශණය කර ඇති අතර ජපානයේ ‘The Order of the Rising Sun, Gold and Silver Rays’ වැනි සුවිශේෂි සම්මාන වලින් පිදුම් ලබා ඇත.
ඔහුගේ කෘති දිල්ලියේ ජාතික නූතන කලා ගැලරිය සහ ජපානයේ ජාතික කෞතුකාගාර, කමකුරා සහ හයාමා නූතන කලා කෞතුකාගාරය, හිමේජි නගර කලා කෞතුකාගාරය, ඔසාකා හි ජාතික කලා කෞතුකාගාරය සහ ෆුකුඕකා හි ෆුකුඕකා එකතුව ඇතුළු විවිධ පෞද්ගලික සහ පොදු එකතු කිරීම් වල තැන්පත් කර ඇත.
විදග්ධ ,සොදුරු , මුණිවර , එච්.ඒ. කරුනාරතනයන්ට සුව නින්දක් ලැබේවා.

සටහන - ටී.එම්.ජී. චන්ද්‍රසේකර
(ප්‍රවීණ මාධ්‍යවේදී)
මෙම සටහන 'Tmg Chandrasekara' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.









