ලෝක සිනමා ක්‍ෂේත්‍රයේ අතිශය ගෞරවනීය සම්මාන උළෙලක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා සම්මාන උළෙල (BAFTA) 2026 ඊයේ (22) රාත්‍රියේ ලන්ඩනයේ (Royal Festival Hall) හීදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
79 වන වරට පැවති මෙවර සම්මාන උළෙලේ වැඩිම ගෞරව දිනා ගනිමින් පොල් තෝමස් ඇන්ඩර්සන්ගේ "One Battle After Another" චිත්‍රපටය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 6ක් දිනා ගැනීමට සමත් විය.

මීට අමතවරව ‘I Swear’, ‘Sinners’ සහ ‘Frankenstein’ යන චිත්‍රපට සම්මාන 3 බැගින්ද, "Hamnet" චිත්‍රපටය සම්මාන දෙකක් ද හිමිකර ගනිමින් පෙරමුණේ පසුවිය.
2026 සම්මාන උළෙලේ ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව පහතින් දැක්වේ.
|
සම්මාන කාණ්ඩය |
ජයග්‍රාහකයා / චිත්‍රපටය |
|
හොඳම චිත්‍රපටය - |
One Battle After Another
|
|
විශිෂ්ටතම බ්‍රිතාන්‍ය චිත්‍රපටය - |
Hamnet
|
|
හොඳම ප්‍රධාන නිළිය - |
Jessie Buckley – (Hamnet)
|
|
හොඳම ප්‍රධාන නළුවා - |
Robert Aramayo – (I Swear)
|
|
හොඳම සහාය නිළිය - |
Wunmi Mosaku – (Sinners)
|
|
හොඳම සහාය නළුවා - |
Sean Penn – (One Battle After Another) |
|
හොඳම අධ්‍යක්ෂණය - |
පෝල් තෝමස් ඇන්ඩර්සන් (Paul Thomas Anderson) – One Battle After Another |
|
ඉංග්‍රීසි නොවන භාෂාවකින් නිපදවූ හොඳම චිත්‍රපටය - |
Sentimental Value
|
|
හොඳම වාර්තා චිත්‍රපටය - |
Mr Nobody Against Putin
|
|
හොඳම සජීවීකරණ (Animated) චිත්‍රපටය - |
Zootopia 2
|
|
හොඳම ළමා සහ පවුලේ චිත්‍රපටය - |
Boong
|
|
හොඳම මුල් තිර රචනය - |
Sinners
|
|
හොඳම අනුවර්තිත තිර රචනය - |
One Battle After Another
|
|
හොඳම සංස්කරණය - |
One Battle After Another
|
|
හොඳම නළු නිළි වරණය (Casting) - |
I Swear
|
|
හොඳම කැමරාකරණය (Cinematography) - |
One Battle After Another
|
|
හොඳම ඇඳුම් නිර්මාණය - |
Frankenstein
|
|
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය - |
Frankenstein
|
|
හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර - |
Frankenstein |









