lan englan tam

පුවත්

'KH x RK' : දශක ගණනාවකට පසු කමල් හසන් සහ රජිනිකාන්ත් එකම තිරයක!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාවේ ප්‍රවීණතම හා සුපිරි සිනමා තරු දෙකක් වන ‘සුපර් ස්ටාර්’ රජිනිකාන්ත් සහ ‘උලගනායගන්’ කමල් හසන් දශක ගණනාවකට පසු නැවතත් එකම චිත්‍රපටයකින් රිදී තිරයට පැමිණීමට සූදානම් වනවා.

ඒ Red Giant Movies නිෂ්පාදනය කරන, දැනට "KH x RK Reunion" යනුවෙන් නම් කොට ඇති චිත්‍රපටය හරහායි.

මෙහි පළමු ප්‍රචාරක පටයක් ද (Title Glimpse) මේ වන විට නිකුත් කර ඇති අතර එය අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

 

 

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ  නෙල්සන් දිලීප්කුමාර් විසින් වන අතර, රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කළ කළ 2023 වසරේ අතිශය සාර්ථක වූ “Jailer” චිත්‍රපටය හරහා දෙමළ සිනමාවේ දැවැන්ත වාණිජමය සාර්ථකත්වයක් හිමිකරගත් අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු නමක් දිනා සිටිනවා.

ඔහුගේ සුවිශේෂී කළු හාස්‍යය (Dark Humor) සහ ඉහළ ක්‍රියාදාම ශෛලිය මෙම ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළ හරහා නවීන සිනමා කෘතියක් ලෙස එළිදැක්වීමට අපේක්ෂිතය. චිත්‍රපටයේ සංගීතය ප්‍රකට සංගීත අධ්‍යක්ෂ අනිරුද් රවිචන්දර් (Anirudh Ravichander) විසින් මෙහෙයවන අතර, මෙය ඔහු කමල්-රජිනි සුසංයෝගයක් සඳහා සංගීතය සපයන පළමු අවස්ථාවයි. ප්‍රවීණ කැමරා ශිල්පී රජීව් මෙනන් (Rajiv Menon) මෙහි කැමරාකරණයෙන් දායක වේ.

 

kh x rk i2

 

චිත්‍රපටයේ කථා වස්තුව තවමත් රහසක්ව පවතින නමුත්, "Reunion" (නැවත හමුවීම) යන නාමය හරහා 1970 දශකයේ ඔවුන් දෙදෙනාගේ මුල්කාලීන සිනමා ගමනට ගෞරවයක් දක්වන නවීන පන්නයේ කතාවක් බලාපොරොත්තු විය හැක. සමාජ මාධ්‍ය ජාලාවන්හි දැනටමත් "KH x RK" යන නාමය ලැව්ගින්නක් සේ පැතිර යමින් පවතී. 

කමල් හසන් හා රජිනිකාන්ත් මීට පෙර Apoorva Raagangal (1975), Avargal (1977) and 16 Vayathinile (1977) ඇතුළු චිත්‍රපට 20 කට අධික ප්‍රමාණයක එකට රඟපා ඇති අතර රැජිනිකාන්ත් බොහෝ විට ප්‍රතිවාදියා ලෙස රඟපා තිබේ.

ඔවුන් අවසන් වරට තිරය බෙදා ගත්තේ අල්ලාවුඩිනම් අල්භූත විලක්කම් (Alavuddinum Arputha Vilakkum) - (1979) චිත්‍රපටයේ ය.

 

kemadasa

shungara

Back to top
Go to bottom