lan englan tam

පුවත්

සුභාවිත ගීතයේ සිටුවරයාණන්ට උපහාර පිදෙයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දශක හයකට වැඩි කාලයක් පුරාවට මෙරට සංගීත ක්ෂේත්‍රයට සහ ගුවන්විදුලි සංස්ථාවට ආචාර්ය වික්ටර් රත්නායකයන් විසින් ඉටුකළ මෙහෙවරට උත්තාමාචාර පුද කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ,

"සුභාවිත ගීතයේ සිටුවරයාණෝ ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දනාභිෂේකය" උපහාර වැඩසටහන අද (24) ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී පැවත්විණි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලේදී වික්ටර් රත්නායකයන්ට උපහාර පිණිස ගුවන්විදුලි සංස්ථා පරිශ්‍රය තුළ ඔහුගේ ඡායාරූපයක් විවෘත කිරීම ද සිදු කෙරිණි.

උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ අදහස් පළ කළාය.

"මම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හොඳ රසිකාවියක්. මගේ ළමා කාලයේදී මා නැරඹූ පළමු සංගීත ප්‍රසංගය එතුමාගේ 'ස' ප්‍රසංගයයි. සිංහල භාෂාවට මා තුළ ආශාවක් ඇති කළේ ඒ ගීතයි. 'සඟවා ගනු මැන සොඳුරිය' වැනි ගීත හරහා ආදරයේ සියුම් බව අපට කියා දුන්නා. එමෙන්ම 'සරුංගලේ' චිත්‍රපටයේ ගීත හරහා විවිධ සංස්කෘතීන් අතර ඇති සංහිඳියාව එතුමා අපූර්ව ලෙස මතු කළා. අපේ ජීවිතයේ සෑම විශේෂ මොහොතක්ම වික්ටර් රත්නායකයන්ගේ නිර්මාණ සමඟ බැඳී පවතිනවා."

පසුගිය පෙබරවාරි 18 වැනිදා සිය 84 වැනි ජන්ම දිනය සැමරූ වික්ටර් රත්නායකයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ අග්‍රාමාත්‍යවරිය, මෙවන් උපහාර උළෙලක් සංවිධානය කිරීම පිළිබඳව ගුවන්විදුලි සංස්ථාවට සිය ස්තූතිය පළ කරනු ලැබීය.

වර්තමාන මාධ්‍ය තරගකාරිත්වය හමුවේ වුවද, මෙරට ජීවමාන විශිෂ්ට කලාකරුවන් අගය කිරීමට ගුවන්විදුලිය ගන්නා උත්සාහය ඇයගේ විශේෂ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න, ප්‍රවීණ ගේය පද රචක ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

 

 

639639359 1502613101863787 8840392006400854055 n 1

640997007 1502613205197110 5864344597179892150 n

641175022 1502613145197116 836316635515656056 n

628993497 1502613245197106 1541219059607226932 n

640282593 1502613505197080 1789592530217616290 n 1

641387289 1502613375197093 1416151781246390271 n 1

639661743 1502613301863767 7834134358396335708 n

 

kemadasa

shungara

Back to top
Go to bottom