lan englan tam

පුවත්

ලකයි සිකයි ‘සුරදෙටුවෝ’ අරන් සිනමාවට එයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට මෙන්ම විදෙස් රටවලද සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් හාස්‍යෝත්පාදක අන්තර්ගතයන් නිර්මාණකරුවන් (Content creators) දෙදෙනෙක් වන ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) දෙදෙනාගේ ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කරන "සුරදෙටුවෝ" නවතම චිත්‍රපටය,

එළඹෙන මාර්තු මස 12 වනදා සිට EAP ඇතුළු දිවයින පුරා සිනමා ශාලා වලදී තිරගත වීමට නියමිතයි.

සුරලොවත් මනුලොවත් යා කෙරෙන අපූර්ව කතා තේමාවක් පාදක කර ගනිමින් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි සිනමාපටයක් ලෙසයි " සුර දෙටුවෝ " ප්‍රේක්ෂකාගාරයට තිළිණ වන්නේ.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ලක්මාල් වීරසිරි (ලකා) විසින් වන අතර, මෙය ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

මීට රංගනයෙන්,ලක්මාල් වීරසිරි (ලකා) සහ ශාන් අරෝශ (සිකා) සමගින්,

ළමා නිළි නෙතිනි වීරසිංහ, ශාලිකා නදිශානි, සුගන්ධී වෝෂදී, දර්ශන් අවරාජා, සුදක්ෂා සමාධි, සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, අජිත් වීරසිංහ, ගීත්මා බණ්ඩාර සහ වර්නි පෙරේරා... ඇතුළු ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ නළු නිළියන් පිරිසක් දායක වෙනවා.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා, ලක්මාල් වීරසිරි සහ ප්‍රියනාත් විදානපතිරණ විසින් රචනා කොට තිබෙනවා.

"සුරදෙටුවෝ" නිෂ්පාදනය කරන්නේ සුදේශ් මුතුනවගොන්න විසින්.

ඉතින්, මාර්තු 12 වනදා සිට සතුට, සිනහව නොඅඩුව තිළිණ කරන "සුරදෙටුවෝ" නරඹන්නට ඔබත් එක්වන්න.

 

 

 

 

kemadasa

shungara

Back to top
Go to bottom