තරුණ පරපුරේ ජාත්‍යන්තර සම්මාන ලාභී සිනමා නිර්මාණකරුවෙකු වන කමිල මේදිස් විසින් මෙහෙයවනු ලබන "KM සිනමා ඇකඩමිය" මගින් සංවිධානය කළ කෙටි චිත්‍රපට උළෙල හා උපහාර සම්මාන උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ‘පවුරු වළලු’, ‘පාංශු’ සහ ‘දුහුළු මලක්’ වැනි චිත්‍රපට රැසක අමතක නොවන රංගනයන් තුළින් ශ්‍රී ලාංකේය සිනමාවේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ සිනමා නිළි නීටා ප්‍රනාන්දුයි.
කෙටි චිත්‍රපට දැක්ම අරඹමින් KM සිනමා ඇකඩමියේ 5 වන කණ්ඩායමේ සිසුන් විසින් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට 6 ක් ප්‍රදර්ශනය කිරීම සිදුවූ අතර,
සම්මාන 12ක් සඳහා තරඟ වැදුන මෙම සෑම කෙටි චිත්‍රපටයක්ම ශ්‍රී ලාංකේය සිනමාවේ නව පරපුර නියෝජනය කළ ඊටම අනන්‍ය දෘෂ්ටිකෝණයකින් හා මෙතෙක් නොකියූ කතාවක් පිළිබඳව නිර්මාණය වූ කෙටි චිත්‍රපට එකතුවක් විය.

එමෙන්ම උළෙලේ තවත් සුවිශේෂී කාර්යයක් ලෙස ශ්‍රී ලාංකේය සිනමාවට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් ප්‍රවීණ කලාකරුවන් පස් දෙනෙකු වෙනුවෙන් විශේෂ උපහාර සම්මාන ප්‍රදානය කිරීමක් ද මෙහිදී සිදු විණි.
ඒ අනුව ප්‍රසන්නජිත් අබේසූරිය, රිචාඩ් වීරක්කොඩි, නයනා හෙට්ටි ආරච්චි, නිලන්ති විජේසිංහ, දුලානි අනුරධා, රහල් බුලත්සිංහල, නයනා හෙට්ටිආරච්චි .. යන ප්‍රවීණ කලා කරුවන් මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබීය.
කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු ජයග්‍රාහී නවක නිර්මාණකරුවන් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කිරීම සිදු වූ අතර , මෙහිදී සිසුන් විසින් නිර්මාණය කළ අදාළ කෙටි චිත්‍රපට විනිශ්චය කිරීම ජූරි මණ්ඩලයක් විසින් සිදු කෙරිණි. එම ජූරිය ලෙස චිත්‍රපට අධ්‍යක්ෂක නාලක විතානගේ, රංගන ශිල්පිනී හර්ෂිකා රත්නායක,කැමරා ශිල්පී මජිත් එස්.උයන්ගොඩ යන අය කටයුතු කළේය.
මෙම අවස්ථාවට සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය,බෙනට් රත්නායක,සමන්ත පෙරේරා,ශර්ලී සමරසිංහ,නිලන්ත හපන්වීර,රන්දික ගුණතිලක, සචින් චතුරංග, නාරද තොටගමුව, ශාන් මල්ලව ඇතුළු බොහෝ කලාකරුවන් රාශියක් එදින උත්සවයට සහභාගී විය.
මතු දැක්වෙන්නේ එදින උළෙලේ විශේෂ අවස්ථා කිහිපයක්.
(ඡායාරූප මත click කිරීමෙන් ප්‍රමාණය විශාල කොට නැරඹිය හැක.)
https://www.mirrorarts.lk/news/12397-km-short-film-festival-and-gratitude-awards-2026#sigProIdec97afa2bb
https://www.mirrorarts.lk/news/12397-km-short-film-festival-and-gratitude-awards-2026#sigProId06ebca80b3
https://www.mirrorarts.lk/news/12397-km-short-film-festival-and-gratitude-awards-2026#sigProId07324e155a









