lan englan tam

පුවත්

වින්ධ්‍යාගේ ‘ගරා’ ළඟදීම රිදී තිරයට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"සික්ස්ටි නයින්" චිත්‍රපටය ප්‍රේක්ෂකයාට තිළිණ කළ තරුණ සිනමා අධ්‍යක්ෂිකා වින්ධ්‍යා හාරිස්පත්තුවගේ නවතම සිනමා නිර්මාණය ‘ගරා’ (GARA) ළඟදීම තිරගත වීමට නියමිතයි.

කලණ ගුණසේකර, චමත්කා ලක්මිණි, දිල්රූෆා ශානාස්... වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ තිර පිටපත රචනා කොට ඇත්තේ ද වින්ද්‍යා හාරිස්පත්තුව විසින් වන අතර, තව්තිසා පික්චර්ස් (පුද්) සමාගම වෙනුවෙන් මොහාන් පෙරේරා චිත්‍රපටය නිෂ්පාදනය කරනවා.

මීට කැමරා අධ්‍යක්ෂණයෙන් - එච්.ඩී.ආරියවංශ, සහය අධ්‍යක්ෂණයෙන් - දිනේෂ් සංජීව, සංස්කෘතික නැටුම් - අජය රවිඳු, අංග රචනයෙන්- සඳමාලි ආරියරත්න, නිමල් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණයෙන්, නිත්‍යා දුෂ්‍යාන්ති, සංස්කරණයෙන් සහ වර්ණ සං‍යෝජනයෙන් -නිරෝධ වේරංග (විශ්වරූප ප්‍රොඩක්ෂන්), සංගීත අධ්‍යක්ෂණයෙන් - නිපුණ අබේකෝන්, වස්ත්‍රාභරණ නිර්මාණයෙන්, රාධා සෙල්වරත්නම්, ගායනයෙන් - මෙත්සර වීරසිංහ, නිෂ්පාදන කළමනාකරණයෙන්- දිනේෂ් සංජීව,  ආලෝකකරණයෙන් - ගිහාන් කාවිංග, කවිඳු දිල්ශාන්... ඇතුළු තවත් ශිල්පීන් රැසක් දායක වෙනවා.

‘ගරා’ චිත්‍රපටය මේ වසර (2026) මැදදී ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව උදා වනු ඇති.

චිත්‍රපටයේ තවත් අලුත්ම තොරතුරු බලාපොරොත්තු වන්න.

 

WhatsApp Image 2026 02 28 at 6.01.56 PM

kemadasa

shungara

Back to top
Go to bottom