ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ අඩුම දින ගණනකින් ආදායම මිලියන 400 සීමාව පසු කළ ප්‍රථම ලාංකේය චිත්‍රපටය බවට පත්වීමට “ධර්මයුද්ධය 2” සමත් වී තිබෙනවා.
ඒ දින 36 වැනි කෙටි කාල සීමාවක් තුළ මිලියන 400 (කෝටි 40) ක ආදායමක් උපයා ගැනීමට සමත් වෙමින්.

“ධර්මයුද්ධය 2” චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි 23 වැනිදා සිට වන අතර, එදා පටන් මේ දක්වා ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් දිවයින පුරා සිනමා ශාලා වලදී චිත්‍රපටය තිරගත වෙනවා.
“ධර්මයුද්ධය 2” අධ්‍යක්ෂණය කළේ අරුණ ජයවර්ධන විසින් වන අතර, ???????? ????? ??????? ආයතනයය චිත්‍රපටය නිෂ්පාදනය කළා.
මීට රංගනයෙන්, බිමල් ජයකොඩි ඇතුළුව දිල්හානි අශෝකමාලා, සනත් ගුණතිලක , බුද්ධදාස විතානාච්චි, තිසුරි යුවනිකා, විනුමි වන්සදී, කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, කළණ ගුණසේකර.. ඇතුළු නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙනවා.









