ජනප්‍රිය ඉන්දීය නළු - නිළි දෙපළක් වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දනාගේ විවාහ උත්සවය පසුගියදා සිදු වූ බව ඔබ සැම දැනටමත් දන්නවා ඇති.
ඉතින්, මෙම විවාහයෙන් පසු ඔවුන් දෙපළ ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම චිත්‍රපටයේ පෝස්ටරයක් සහ ප්‍රචාරක වීඩියෝවක් ද මේ වන විට නිකුත් කර තිබෙනවා.
'Ranabaali’ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය තෙලිඟු, දෙමළ, මලයාලම්, කන්නඩ සහ හින්දි යන භාෂාවලින් තිරගත වීමට නියමිතයි.
ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිදු වූ සැබෑ සිදුවීම් මාලාවක් පාදක කර ගනිමිනුයි මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ.
මෙම සිනමාපටය එළඹෙන සැප්තැම්බර් 11 වැනිදා සිට සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මීට පෙර, රශ්මිකා - විජේ රංගනයෙන් දායක උන ‘Geetha Govindam’ (2018) ‘Dear Comrade’(2019) යන චිත්‍රපටත් අතිශය ජනාධරයට වගේම ආදායම් වාර්තා තැබීමටත් සමත් උනා.
චිත්‍රපටයේ ප්‍රචාරක පටය නරඹන්න පිවිසෙන්න පහළින්>>









