lan englan tam

පුවත්

ඩග්ලස් සිරිවර්ධනට හෙට කැස්බියන්ස් උපහාර!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රවීණ කලාකරු, නාට්‍යවේදී, නීනීඥ ඩග්ලස් සිරිවර්ධනයන්ගේ දිවි ගමනේ 75 වසර ද, අඩසියවසක නිර්මාණාවලෝකනය අගයමින් “කැස්බියන්ස්” - කැස්බෑව සෞන්දර්‍යයේ ශක්තිය සංවිධානය කරන ඇගයුම් උත්සවය හෙට දින එනම්,

මාර්තු 05, පස්වරු 4.30ට, පිළියන්දළ නගර සභා ශාලාවේදී පැවැත්වෙනවා.

මෙදින ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය පරාක්‍රම නිරිඇල්ල සහ සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි සහභාගී වීමට නියමිතයි.

ප්‍රධාන දේශන ප්‍රණීත් අභයසුන්දර, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ජනක් ප්‍රේමලාල් විසින් පවත්වනු ඇති.

එමෙන්ම උත්සව සභාව වර්ණවත් කරන්නට වසන්ත දුග්ගන්නාරාළ අජිත් ලොකුගේ සමග ධර්මප්‍රිය ඩයස් එක් වනු ඇති අතර, වෘත්තීය නාට්‍යවේදීන්ගේ නාට්‍ය ගීත සුගායනයක් ද මීට ඇතුළත් වෙනවා.

 

646453823 25963304300017785 8023148645187518413 n

 

මතු දැක්වෙන්නේ මෙම අවස්ථාව පිළිබඳව හා ඩග්ලස් සිරිවර්ධනයන් පිළිබඳව තැබූ සටහනක්.

අතිශය සුන්දර අර්ධ නාගරික
හොරණ විද්යාරත්නය වැනි සුවිශිෂ්ට පාසලකින් අධ්යාපනය ලබා,
ඉනික්බිති රජයේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබ
පවතිනා දේශපාලනයට එරෙහි ව වීදි බසින ඔහු
රැකියා විරහිත නමුත් නීති ශිෂ්යයකු ලෙසින් ජීවිතයට මුහුණ දුන්නේ ය.
ඔහු නමින් ඩග්ලස් සිරිවර්ධන නම් විය.
හේ ඉනික්බිති අත තබන්නේ නාට්ය නිෂ්පාදනයට මෙන් ම ස්වතන්ත්ර නාට්ය පිටපත් රචනාවට ය.
එමෙන් ම තිර පිටපත් රචනාව ද ඔහු අත්පොත් තැබූ ක්ෂේත්රයක් වූ අතර
එයින් නිර්මාණය වුනු රූපවාහිනී වැඩ සටහන් ගණන ද බොහෝ ය.
එකල ද විෂයය ක්ෂේත්රෙය් දැවැන්ත චරිත මෙන් ම
මේ ක්ෂේත්රයට අතිශය ආධුනික වන දුහුණන් ද රංගධරයට කැඳවාගෙන ආවේ ය.
ඒ සඳහා කොළඹ මෙන් ම රටේ ඈත ගම් දනව්වල පවා නාට්ය පාඨමාලා,
නාට්ය වැඩමුලු මෙන් ම ආකල්ප සංවර්ධන වැඩ සටහන් ද සංවිධානය කරන්නේ එම අරමුණින් ම ය.
එයින් නාට්ය කලාවට, ටෙලි නාට්ය කලාවට මෙන් ම සිනමාවට ද අවතීර්ණ වූවෝ මෙන් ම
විවිධ උසස් නිල තල දරන වෘත්තීය වේදීන් ද බිහි කරන්නට ඔහු සමත් විය.
වෘත්තීය නීතිවේදියකු ලෙසින් අතිශය කාර්යබහුල ජීවිතයක් ගත කළ ද
ඔහු තමන් හා ඇසුරු කරන්නන් කිසි විටෙකත් අත නොහැර යමින්
නිබඳ ඔවුන්ට හැකි උපරිමයෙන් සහය දක්වන්නකු විය.
විද්වද් නාට්යකරුවන්ගේ නිර්මාණ නැවත නිෂ්පාදන ලෙසින් කරළියට ගෙනා ඔහු
ඒවාට දායක කර ගත්තේ ද සහමුලින් ම නවකයන් ය.
ප්රාෙද්ශීය දේශපාලනයට පිවිසි ඔහු ඉනික්බිති
ටවර් හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල් පදවිය ලද දින පටන්
ගරා වැටෙමින් තිබූ රංග ශාලාවක් සහමුලින් ම නැවත පිළිසකර කරවා
පිළිසරණක් නැති පැරණි ශිල්පීන්ට ද අත දෙමින්,
ඔවුන් වෙනුවෙන් රක්ෂණ ක්රමයක් ද හඳුන්වා දුන්නේ ය.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භයේ සිට ම
ඊට සිය දායකත්වය ද නායකත්වය ද දෙමින්, ව්යවස්තා සම්පාදනය ද කරමින්
කළ මෙහෙවර වෙසෙසි ය.
කැස්බෑවේ කලාකරුවන්ගේ එකමුතුවෙන් බිහි වූ
“කැස්බියන්ස්“ කැස්බෑව සෞන්දර්යයේ ශක්තියට ද
නිබඳ ශක්තියක් වූ ඔහු අදට ද එහි ලේකම් ධූරය දරන්නේ ය.
සංස්කෘතික සහ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවෙන් පුදන
“කලාභූෂණ“ සම්මානයට ද ඔහු උරුමකම් ලද්දේ ය.
එවන් විශිෂ්ට මිනිසකුගේ, තලාකරුවකුගේ, සහෘදයකුගේ
දිවි ගමනේ 75 වසර ද,
අඩ සිය වසක නිර්මාණාවලෝකණය උදෙසා ද
ඩග්ලස් සිරිවර්ධන නම්වූ
මේ උත්තුංග නිර්මාණ කරුවා
2026 මාර්තු 05 දින පස්වරු 4.30ට
පිළියන්දල නගරසභා ශාලාවේදී
කැස්බියන්ස් - කැස්බෑව සෞන්දර්යයේ ශක්තියේ
ගෞරව බුහුමානයට පාත්ර වන්නේ ය. 

kemadasa

shungara

Back to top
Go to bottom