lan englan tam

පුවත්

“අන්තෝනි” 13 සිට ප්‍රේක්ෂකයා හමුවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේශ්වර් අධ්‍යක්ෂණය කළ ‘අන්තෝනි’ ලාංකික චිත්‍රපටය එළඹෙන මාර්තු 13 සිට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක තිරගත වීම් ආරම්භ වීමට නියමිතයි.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයද පසුගියදා හැව්ලොක්සිටි හීදී එළි දැක්වුණා.

645308291 3530106030498400 7156309162515429411 n 1

කයල් වින්සන්ට්, ටී.ජේ.භානු, සුදර්ශන් රවීන්ද්‍රන්( "අදිරන්" චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන රංගන ශිල්පි) ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ ඔවුන් සමගින්

නිලල්ගල් රවි, අරුල් දාස්, සෞමි මුණසිංහ, ශාමිලා නිරන්ජන්, අරවින්දම් සිව ඥානම්, කිං රත්නම්, ආර්.ඒ ගුණපාලන් ඇතුළු දමිළ නළු නිළියන් රැසක්  රංගනයෙන් දායක වෙනවා.

මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කොට තිබෙන්නේ සම්මානනීය ඉන්දියානු සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන ඉලෛයරාජා (Ilaiyaraaja) විසින් වීම ද විශේෂත්වයක්.

යාපනයේ ජීවත් වන ධීවර පවුලක් වටා ගෙතෙන කතා තේමාවකින් යුත් දමිළ භාෂාවෙන් නිෂ්පාදිත "අන්තෝනි" චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසි සහිතව ප්‍රදර්ශනය වන අතර, සිංහල සහ මලයාලම් භාෂාවන්ගෙන් හඬකවා තිබෙනවා.

 

644232703 3530106130498390 2078356847594919643 n 1

 

පවුලේ සැමට නැරඹිය හැකි ලෙස නිර්මාණය වී ඇති " අන්තෝනි" තමිල්නාඩු , කේරළ , ශ්රී ලංකා සහ ගෝලීය දමිළ ප්රජාව ඉලක්කකර ගනිමින් මාර්තු 13 සිට එකවර ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.

‘අන්තෝනි’ Osai film නිෂ්පාදනයක්.

 

තොරතුරු මූලාශ්‍ර  - ඇන්ටන්.ජේ. ප්‍රනාන්දු

kemadasa

shungara

Back to top
Go to bottom